Nishan Neth News

අතුරුදන්ව සිටි නිර්විදන විශේෂඥ වෛද්‍යවරයාගේ මළ සිරුර කැළෑබද ප්‍රදේශයකින් සොයා ගැනේ

අතුරුදන්ව වූ බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ මළ සිරුර මහියංගණය, මාපාකඩවැව ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා. ඒ, මහියංගණය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එම විශේෂඥ වෛද්‍යවරයා ඊයේ දිනයේ බදුල්ල ශික්‍ෂණ රෝහලේ සේවයට වාර්තා කර නැහැ. ඔහුගේ ජංගම දුරකතනය ද අක්‍රීය වී තිබූ බවයි පොලිසිය පැවසුවේ. ඒ අනුව සිදුකළ විමර්ශනවලදි එම නිර්විදන විශේෂඥ වෛද්‍යවරයා සිය මෝටර් … අතුරුදන්ව සිටි නිර්විදන විශේෂඥ වෛද්‍යවරයාගේ මළ සිරුර කැළෑබද ප්‍රදේශයකින් සොයා ගැනේ

බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්විදන විශේෂඥ වෛද්‍යවරයෙක් අතුරුදන්

බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසනවා. ඔහු ඊයේ දිනයේ සේවයට වාර්තා කිරීමට නියමිතව තිබුණද බදුල්ල ශීක්‍ෂණ රෝහලට වාර්තා කර නොමැති බවයි පොලීසිය පැවසුවේ. ඔහුගේ ජංගම දුරකතනය අක්‍රීයව තිබූ බවයි වාර්තා වුණේ. එම විශේෂඥ වෛද්‍යවරයා සිය මෝටර් රථය මහියංගනය දෙසට ධාවනය කරන බවට මීගහකිවුල ප්‍රදේශයේ සී සී ටී වී කැමරාවක සටහන්ව තිබෙනවා. … බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්විදන විශේෂඥ වෛද්‍යවරයෙක් අතුරුදන්

බැකෝ සමන්ගේ මව වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව තවත් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එම ඝාතනය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කළ සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මතයි. මෙම සැකකරු පසුගිය 19 වනදා මිද්දෙණිය පොලිස් වසමේදී අයිස් මත්ද්‍රව්‍ය සමග මිද්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට … බැකෝ සමන්ගේ මව වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

සුළු හා මධ්‍ය පරිමාන මෝල් හිමියනුත් පළමු වරට වී මිලදී ගැනීමේ තරගයට

මේ සතියේ සිට සුළු හා මධ්‍ය පරිමාන මෝල් හිමියන් ද වී මිලදී ගැනීමේ කටයුතුවලට සෘජුව සම්බන්ධ වන බව කුඩා හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන් පවසනවා. රජයේ සහතික මිලට වී මිලදී ගැනීමට තමන් සූදානම් බවයි අනුරාධපුර දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන්ගේ සභාපති සාගර අනුරුද්ධ මහතා පැවසුවේ. “අඩු මිලට වී ලබා දෙන්න එපා, … සුළු හා මධ්‍ය පරිමාන මෝල් හිමියනුත් පළමු වරට වී මිලදී ගැනීමේ තරගයට

දිට්වා නිසා හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට බාධා

දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගයේ කොටගල සිට රදැල්ල දක්වා සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතුවලට පවතින අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා කළුගල් ලබාගැනීමට බාධා එල්ල වී ඇති බවයි ව්‍යාපෘති භාර පෞද්ගලික සමාගමේ තාක්ෂණික නිලධාරී අතුල විජේසිංහ මහතා පැවසුවේ. කෙසේ වෙතත්, ව්‍යාපෘතියේ වැඩකටයුතු මේ වන විට සියයට 60 කින් … දිට්වා නිසා හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට බාධා

දළදා මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර අද – විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර අද වීථි සංචාරය කිරීමට නියමිතයි. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි පොලිසිය නිවේදනය කළේ. අද පස්වරු 7.00 ට ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වන දෙවන රන්දෝලි පෙරහර, කිලෝමීටර් එකයි මීටර් … දළදා මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහර අද – විශේෂ රථවාහන සැලැස්මක්

හෝමුස් සමුද්‍ර සන්ධියෙන් යන නැව්වලට ඉරානයෙන් කප්පම් නීතියක් – මැදපෙරදිග යුද ගිනි දැල් තවත් ඇවිළෙයි

ලෝක තෙල් ප්‍රවාහනයේ ප්‍රධානතම මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන විදේශීය නෞකාවලින් විශේෂ ගාස්තුවක් අය කිරීමට ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කාරක සභාව තීරණය කර තිබෙනවා. ඉරානය පවසන්නේ තමන් සපයන නාවික සහ ආරක්ෂක සේවාවන් වෙනුවෙන් මෙම ගාස්තු අය කරන බවයි. මේ අතර, පනවා ඇති නව සීමා උල්ලංඝනය කරන නෞකාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය තහනම් කලාපයක් … හෝමුස් සමුද්‍ර සන්ධියෙන් යන නැව්වලට ඉරානයෙන් කප්පම් නීතියක් – මැදපෙරදිග යුද ගිනි දැල් තවත් ඇවිළෙයි

ඩෙංගු රාජකාරීවලින් ඉවත් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවත් දැඩි කරයි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද පෙරවරු 8.00 සිට දිවයින පුරා සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, දිවයිනේ සියළුම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් දිවයිනපුරා සියළු ඩෙංගු මර්දන රාජකාරීවලින් පසුගිය 20 වනදා සිට ඉවත්ව සිටින පසුබිමක් තුළයි. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන අනීතික ක්‍රියාවලට එරෙහි වීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මිගස්දෙනිය … ඩෙංගු රාජකාරීවලින් ඉවත් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවත් දැඩි කරයි

සාගරිකා දුම්රියේ ත්‍රීරෝද රථයක් ගැටෙයි – පුද්ගලයෙකු මරුට – ප්‍රදේශවාසීන් විරෝධතාවක

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අළුත්ගම, ගනේගම ප්‍රදේශයේදී ‘සාගරිකා’ දුම්රියේ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු මියගොස් ඇති අතර, එහි ගමන් කළ අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුර සිදු වූ ස්ථානයේ ආරක්ෂිත ගේට්ටුවක් නොමැති වීම හේතුවෙන් … සාගරිකා දුම්රියේ ත්‍රීරෝද රථයක් ගැටෙයි – පුද්ගලයෙකු මරුට – ප්‍රදේශවාසීන් විරෝධතාවක