Nishan Neth News

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණයක් ගනී

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හෙට (24) පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන අනීතික ක්‍රියාවලට එරෙහි වීම හේතුවෙන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මිගස්දෙනිය මහතා ස්ථානමාරු කිරීමට එරෙහිව මෙම පියවර ගන්නා බවයි එම සංගමය සඳහන් කරන්නේ. මීට පෙර බලධාරීන් දැනුවත් කළද, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් … මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණයක් ගනී

වනාතේ චතුගේ ගෝලයෙකු නිවසට අත්බෝම්බ ප්‍රහාරයක්

බොරැල්ල, ලෙස්ලි රණගල මාවත 141 වත්තේ  නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඩුබායිහිදී අත්අඩංගුවට ගත් වනාතේ චතු නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකුගේ නිවසකට එම අත්බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇති බවයි වාර්තා වුණේ. කෙසේවෙතත් එය පුපුරා ගොස් නොමැති බව පොලීසිය පැවසුවා. යතුරුපැදියකින් පැමිණ පුපුද්ගලයෙකු විසින් එම අත්බෝම්බය විසි කර පලාගොස් ඇති බවයි පොලිස් විමර්ශන වලදී අනාවරණ වී … වනාතේ චතුගේ ගෝලයෙකු නිවසට අත්බෝම්බ ප්‍රහාරයක්

ගංජා කිලෝ 1044 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

හම්බේගමුව, ගොමගල ප්‍රදේශයේදී සිදුකළ වැටලීම් දෙකකදී ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ  වැටලීම්වලදීයි. එහිදි  ගංජා කිලෝග්‍රෑම් 1044යි ග්‍රෑම් 180 ක් සමඟ සැකකරුවෙකු හා ගංජා ගස් 54096 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අවුරුදු 30 සහ 38 වයස්වල පසුවන … ගංජා කිලෝ 1044 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මීගමුවේ විශේෂ මෙහෙයුමක්

  නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ ඩිංගි යාත්‍රා දෙකක් සහ ලොරි රථයක් නීතියේ රැහැනට හසු කරගෙන තිබෙනවා. ඒ, නාවික හමුදාව, පොලීසිය හා එක්ව මීගමුව වේල්ලවීදිය වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදීයි. එහිදි බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් දෙසීය හැත්තෑ හයකට අධික තොගයක් සොයා ගෙන තිබෙනවා. නීතියේ රැහැනට හසුකර ගත් බීඩි … මීගමුවේ විශේෂ මෙහෙයුමක්

වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සපා කා පහර දුන් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

  හංවැල්ල,ආටිගල, පංසල පාර ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට බාධා කර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදුකළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ නිවසේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමටයි හංවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එලෙස එම නිවසට ගොස් ඇත්තේ. එහිදි නිවසේ සිට පුද්ගලයන් දෙදෙනෙකු විසින් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පිහියකින් කපා පහර දී තුවාල සිදු … වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සපා කා පහර දුන් කාන්තාවක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

විදේශගත ඉන්දියානුවන්ගෙන් ඉන්දියාවට ඩොලර් බිලියන 65 කට වැඩි විදේශ විනිමය ආයෝජන

විදේශයන්හි වෙසෙන මිලියන 35 ක් වන ඉන්දීය ප්‍රජාව සඳහා හඳුන්වා දුන් විශේෂ විදේශ විනිමය තැන්පතු ක්‍රමය හරහා ඇමෙරිකානු ඩොලර් බිලියන 65 කට අධික මුදලක් රැස් කර ගැනීමට ඉන්දියාව සමත්ව ඇති බව එරට මහ බැංකුව සෙනසුරාදා නිකුත් කළ නවතම වාර්තා පෙන්වා දෙයි. ඉන්දියානු මහ බැංකුව සඳහන් කළේ අගෝස්තු 21 වන දින වන විට, නේවාසික නොවන විදේශ … විදේශගත ඉන්දියානුවන්ගෙන් ඉන්දියාවට ඩොලර් බිලියන 65 කට වැඩි විදේශ විනිමය ආයෝජන

ඉන්දියාව ආසන්නයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිලෙයි – චීන ජාතිකයින් දෙදෙනෙකු බේරාගනී, 22 ක් අතුරුදන්

ඉන්දියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී නාවිකයින් 24 දෙනෙකුගෙන් යුත් පැනමා රාජ්‍යයේ ධජය රැගෙන ගිය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිලී යාමෙන් පසු, ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සහ නාවික හමුදාව එක්ව සෙවුම් හා මුදා ගැනීමේ මෙහෙයුම් ඊයේ තවදුරටත් ක්‍රියාත්මක කළ බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය. මෙම අනතුරින් චීන ජාතික නාවිකයින් දෙදෙනෙකු බේරාගැනීමට සමත්ව තිබේ. ඉන්දියානු සාගරික පරිපාලනයේ … ඉන්දියාව ආසන්නයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිලෙයි – චීන ජාතිකයින් දෙදෙනෙකු බේරාගනී, 22 ක් අතුරුදන්

කළුතර   ප්‍රදේශ රැසකට හදිසියේ විදුලිය  අත්හිටුවයි

විදුලි රැහැන් පද්ධතිය සහිත විදුලි කුළුණකට  පුද්ගලයෙක් නැගිම හේතුවෙන්   අද (23) උදෑසන කළුතර දිස්ත්‍රික්කයේ  ප්‍රදේශ රැසක විදුලිය  අත්හිටුවා තිබෙනවා. යටදොල කරම්පැතර  විහාරස්ථානය අසල  අධිසැර විදුලි  රැහැන් සහිත විදුලි කුලුනකට එම පුද්ගලයා නැග ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ. ඒ අනුව   ඔහුගේ  ජීවිතය ආරක්ෂා කිරීම සඳහා මෙලෙස විදුලිය විසන්ධි කර තිබෙනවා. මතුගම ,යටදොළ පදිංචි  … කළුතර   ප්‍රදේශ රැසකට හදිසියේ විදුලිය  අත්හිටුවයි

මහනුවර ප්‍රථම රන්දෝලි පෙරහැර අද

  මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිත තිබෙනවා. ඒ, පස්වරු 6.44ට යෙදී ඇති සුබ මොහෙතින්. මෙම පෙරහැර දළදා වීදිය, පන්සල් වීදිය, දේව වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස් සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට විත් පළමු රන්දෝලි පෙරහැර ගෙවදීමට නියමිතව තිබෙනවා. පෙරහැර වීථි සංචාරය කරන කාලය … මහනුවර ප්‍රථම රන්දෝලි පෙරහැර අද