Nishan Neth News

ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළ වධහිංසාවට ලක්වන බවට සොහොයුරියගෙන් චෝදනා

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළ දැඩි වධහිංසාවට සහ මානසික පීඩනයට ලක්වෙමින් සිටින බව ඔහුගේ සොහොයුරිය වන වෛද්‍ය උස්මා ඛාන් චෝදනා කර සිටියි. අධිකරණ නියෝගයකට අනුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් පසු ඔහු ශාරීරිකව යහපත් සෞඛ්‍ය තත්ත්වයක පසුවන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමත් සමඟ, හිටපු අගමැතිවරයාව යළිත් බන්ධනාගාරය වෙත රැගෙන යාමට බලධාරීන් පියවර ගෙන තිබේ. තම සොහොයුරා … ඉම්රාන් ඛාන් බන්ධනාගාරය තුළ වධහිංසාවට ලක්වන බවට සොහොයුරියගෙන් චෝදනා

ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 716.9 දක්වා ඉහළට

අගෝස්තු 14 වැනිදායින් අවසන් වූ සතිය වන විට ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 716.9 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මාස හයකට ආසන්න කාලයක් තුළ වාර්තා වූ ඉහළම අගය බව එරට මහ බැංකු දත්ත අනාවරණය කර තිබේ. ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය මහ බැංකුව හඳුන්වා දුන් ප්‍රතිපත්තිමය පියවර හේතුවෙන් රට තුළට ලැබුණු … ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 716.9 දක්වා ඉහළට

හෙළයේ රන් ස්වරය, නන්දා මාලනිය දැයෙන් සමු ගනී

  හෙළයේ රන් ස්වරය, ප්‍රවීණ ගායන ශිල්පිනී අභාවප්‍රාප්ත නන්දා මාලනී මහත්මියට අද පස්වරුවේ දැයෙන් සමුගත්තා. ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ඇය සිය නිවසේදි පසුගිය 20 වනදා අභාවප්‍රාප්ත වුණා. මිය යනවිට නන්දා මාලනි මහත්මිය 82 වන වියේ පසු වුණා. නුගේගොඩ, නාවල පාරේ නන්දා මාලනී සංගීත ආශ්‍රමයේදී ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට ඊයේ … හෙළයේ රන් ස්වරය, නන්දා මාලනිය දැයෙන් සමු ගනී

ඩෙංගු මරණ ගණන 71ක් දක්වා ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අනූතුන් දහස් හයසිය තිස්පහ දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්තවලට අනුව, මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන  හැත්තෑ එකක්. දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස හැත්තෑ හයක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස  පවතින බවයි ජාතික … ඩෙංගු මරණ ගණන 71ක් දක්වා ඉහළට

රිමාන්ඩ් කළ සුගීෂ්වර බණ්ඩාර හදිසියේ බන්ධනාගාර රෝහලට

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා බන්ධනාගාර රෝහල් ගත කර තිබෙනවා. පාදයේ ඇති වූ තුවාලයක් වර්ධනයවීම හේතුවෙන් ඔහු එලෙස වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් සේනක පල්ලෙතැන්න මහතා පැවසුවේ. සුගීෂ්වර බණ්ඩාර මහතා පසුගිය ජුනි 18 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් මධ්‍යම … රිමාන්ඩ් කළ සුගීෂ්වර බණ්ඩාර හදිසියේ බන්ධනාගාර රෝහලට

සලේ බිරිද ජනපතිට ලියයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බරපතළ හෘද රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා නොතබා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එම ලිපිය මගින් ඇය පෙන්වා දී ඇත්තේ, ජාතික රෝහලේ වෛද්‍ය පරිසරයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට … සලේ බිරිද ජනපතිට ලියයි

රථ වාහන ලියාපදිංචියට ව්‍යාජ ලේඛන සකස් කළ ස්ථානයක් වටලයි – සැකකරුවන් තිදෙනෙකුත් අත්අඩංගුවට

රථවාහන ලියාපදිංචිය සදහා අවශ්‍ය ලේඛන ව්‍යාජ ලෙස සකස් කර මුදල් ලබාගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බොරැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත නාරාහේන්පිට මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය ආසන්නයේ පවත්වාගෙන ගිය ස්ථානයක් වැටලූ අවස්ථාවේදීයි. එහිදි අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරාහේන්පිට ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් තිදෙනෙක්. අදාළ ස්ථානයේ තිබී මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ශීර්ෂපාඨ ඇතුලත් ආදායම් බලපත්‍ර ඉල්ලුම්පත් 02 … රථ වාහන ලියාපදිංචියට ව්‍යාජ ලේඛන සකස් කළ ස්ථානයක් වටලයි – සැකකරුවන් තිදෙනෙකුත් අත්අඩංගුවට

අධිකරණයෙන් දඩ නියම වූ හැරී කුමරු තීරණයක් ගනී

එක්සත් ජනපදයේ වෙසෙමින් විවිධ ව්‍යාපාරික කටයුතුවල නිරත වූ හැරී කුමරු සහ මේගන් මර්කල් නැවතත් බි්‍රතාන්‍යයට පැමිණීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසනවා. කෙසේ වෙතත්, නැවත පැමිණීමත් සමග ඔවුන්ගේ ඉදිරි ව්‍යාපාරික කටයුතු පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ. 2020 වසරේදී බි්‍රතාන්‍ය රාජකීය පවුලෙන් ඉවත් වීමෙන් පසු හැරී සහ මේගන් ඇමරිකාවේදී ආරම්භ කළ ප්‍රවාහන සේවා … අධිකරණයෙන් දඩ නියම වූ හැරී කුමරු තීරණයක් ගනී

ඌවේ මහා සරුංගල් සැණකෙළිය පස්වරුවේ

ඌව පළාතේ විශාලතම සරුංගල් සැණකෙළිය අද පස්වරුවේ ආරම්භ වනවා. ඒ, වැලිමඩ, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගණයේදීයි. ඒ පිළිබද තවත් තොරතුරු එම ක්‍රීඩාංගණයේ රැදී සිටින නෙත් නිව්ස් නියෝජිත උපුල් සිංහ පතිරණගෙන්. ”පසුගිය දින කිහිපය පුරාවටම අපි ප්‍රචාරය කළා වගේම, මේ මොහොත වන විට අද දවසේ සරුංගල් සැනකෙළිය – ඌවේ පළමුවතාවට සහ ඌවේ එකම දැවැන්ත සරුංගල් සැනකෙළිය ආරම්භ කරන්නට … ඌවේ මහා සරුංගල් සැණකෙළිය පස්වරුවේ