Nishan Neth News

ලොසෑන් ඩයමන්ඩ් ලීග් තරගාවලියේදීත් රුමේෂ් තරංග අංක එකට

ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළම තලයේ තරගාවලියක් වන ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය වන ස්විට්සර්ලන්තයේ ලෝසෑන් ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා. ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් තරග වැදුණු මෙම ඉසව්වේදී විශිෂ්ට දක්ෂතාවයක් දක්වමින් රුමේෂ් එම තරගයේ රන් පදක්කම හිමිකර කර ගත්තා. එහිදී රුමේෂ් තරංග … ලොසෑන් ඩයමන්ඩ් ලීග් තරගාවලියේදීත් රුමේෂ් තරංග අංක එකට

ලබන වසරේ පාසල් පවත්වන දින වකවානු ප්‍රකාශයට

2027 වර්ෂයට අදාළ පාසල් වාර සටහන, රජයේ නිවාඩු දින දර්ශනය සහ ප්‍රධාන විභාග පැවැත්වෙන කාලවකවානු ඇතුළත් චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින්. ඒ අනුව රජයේ නිවාඩු දින හා විභාග කාලසටහන් සලකා බලමින් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් මෙන්ම පිරිවෙන් දින 197ක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ලබන වසරේ … ලබන වසරේ පාසල් පවත්වන දින වකවානු ප්‍රකාශයට

රුමේෂ් තරංග ස්විට්සර්ලන්තයේදී අද තීරණාත්මක තරගයක

ශ්‍රි ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූරයා වන රුමේෂ් තරංග සහභාගි වන තවත් තීරණාත්මක තරගයක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, ස්විට්සර්ලන්තයේ ලෝසෑන් ඩයමන්ඩ් ලීග් තරගාවලියේදීයි. මෙම තරගය දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත්තේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන දෙකේ සිටින ක්‍රීඩකයින් දෙදෙනා වන ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සහ ජර්මනියේ ජූලියන් වෙබර් මෙම වසරේදී එකිනෙකා හමුවන … රුමේෂ් තරංග ස්විට්සර්ලන්තයේදී අද තීරණාත්මක තරගයක

යුක්තිය හා සාමය වෙනුවෙන් සටන් කරන සැමට නන්දා මාලනියගේ හඩ ශක්තියක් වූ බව අගමැතිනි කියයි

ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී අද ශෝකය පළ කෙරුණා. ඒ, සභාවේ කටයුතු ආරම්භයේදීම විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වීමත් සමගයි. ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය විසින්. විනාඩියක නිශ්ශබ්දතාවයෙන් පසුව අග්‍රාමාත්‍යවරිය ආචාර්ය නන්දා මාලනි මහත්මියගේ අභාවය පිළිබද ශෝකය පළ කළා. “නන්දා මාලිනී මහත්මියගේ ගීත ඇසෙමින්, ඒ ගීත සමග ජීවිතයේ … යුක්තිය හා සාමය වෙනුවෙන් සටන් කරන සැමට නන්දා මාලනියගේ හඩ ශක්තියක් වූ බව අගමැතිනි කියයි

නන්දා මාලනියගේ නිසල දේහය නාවල සංගීත ආශ්‍රමයට – අවසන් ගෞරව දක්වන්න මහජනයාට අවස්ථාව

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ දේහය නාවල , විජයබා මාවත, අංක 30 දරණ නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ මේ වනවිට තැන්පත් කර තිබෙනවා. ඒ අනුව ඇයට අවසන් ගෞරව දැක්වීම සදහා බොහෝ පිරිසක් එම සංගීත ආශ්‍රමයට පැමිණෙමින් සිටිනවා. ඒ පිළිබද තවත් තොරතුරු  නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ රැදී සිටින නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ ගෙන්. … නන්දා මාලනියගේ නිසල දේහය නාවල සංගීත ආශ්‍රමයට – අවසන් ගෞරව දක්වන්න මහජනයාට අවස්ථාව

ක්‍රිකට් තරගාවලියකට ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබරයේ පකිස්තානයට

විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සදහා ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන ඔක්තෝබර් මාසයේ පාකිස්තානයේ සංචාරය කිරිමට නියමිත බව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය පවසනවා. තරග 3 කින් යුත් ශ්‍රි ලංකා පාකිස්තාන විස්සයි විස්ස තරගාවලිය ඔක්තෝබර් 9, 11 සහ 13 දිනවල රාවල්පින්ඩි ක්‍රිඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි. අනතුරුව ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය ක්‍රිඩා කරන තුන්කොන් එක්දින ක්‍රිකට් … ක්‍රිකට් තරගාවලියකට ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබරයේ පකිස්තානයට

මොණරාගලදී පස් දෙනෙකුට මරු කැදවු සිද්ධියට ටිපර් සහ ට්‍රැක්ටර් රථ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට

වැල්ලවාය – මොණරාගල මාර්ගයේ කුඹුක්කන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරින් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ දොඩම්ගස්ලන්ද, බුත්තල සහ හොරබොක්ක ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයන් පස් දෙනෙකු බව පොලීසිය පවසනවා. ඔවුන් අවුරුදු 21, 26, 31, 55 හා 56 යන වයස්වල පසුවූවන් බවයි මොණරාගල පොලීසිය පැවසුවේ. වැල්ලවාය දෙසට ධාවනය වූ ටිපර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු රැගත් ට්‍රැක්ටර් … මොණරාගලදී පස් දෙනෙකුට මරු කැදවු සිද්ධියට ටිපර් සහ ට්‍රැක්ටර් රථ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට

මහජනතාවට පොලිසියෙන් දැනුම් දීමක්

පොලිස් මූලස්ථානය මගින් නිකුත් කරනු ලබන නිෂ්කාශන සහතිකපත් නිකුත් කිරීමේ දත්ත පද්ධතිය අක්‍රිය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ 17 වන මහලේ පිහිටි නිෂ්කාශන අංශය මගින් අදාළ සහතිකපත් අයදුම් කිරීම, වාර්තා කැඳවීම සහ මුද්‍රණය කිරීම සිදුකරනු ලබන දත්ත පද්ධතිය ඊයේ දහවල් 12.50 සිට මෙලෙස අක්‍රිය වී ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී … මහජනතාවට පොලිසියෙන් දැනුම් දීමක්

නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවක්

ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වුණා. ඒ, අද පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදියි. මේ අතර ඇයගේ අභාවය හේතුවෙන් ප්‍රකාශයට පත් කර ඇති තෙදින ජාතික ශෝක කාලය තුළ ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සියලුම රාජ්‍ය ආයතන වෙත දැනුම් දී තිබෙනවා. … නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවක්