Nishan Neth News

උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම ඉවතට

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. අදාල පෙත්සම දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමකින් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල … උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම ඉවතට

මත්පැන් මිල ඉහළට

ඉන්ධන මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඇතැම් මත්පැන් නිෂ්පාදන සමාගම් විසින් මත්පැන් මිල ගණන් ද ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙරට වැඩිම අලෙවියක් සහිත ගල් අරක්කු මිලිලීටර් 750 බෝතලයක මිල රුපියල් 20කින් සහ ගල් අරක්කු බෝතල් භාගයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර, පරණ අරක්කු බෝතලයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් … මත්පැන් මිල ඉහළට

විපක්‍ෂයේ පක්‍ෂ නායකයින් අද එක තැනකට – මෛත්‍රී, රනිල් සහ දිනේෂ්ටත් ආරාධනා

විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින් අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ඉදිරිපත් කර ඇති යෝජනාව ඇතුළු තවත් කරුණු කිහිපයක් පිළිබද සාකච්ඡා කිරීම සදහායි. විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැත්වෙන එම සාකච්ඡාව සදහා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ මහත්වරුන් මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ආරාධනා කර ඇති බවයි සමගි … විපක්‍ෂයේ පක්‍ෂ නායකයින් අද එක තැනකට – මෛත්‍රී, රනිල් සහ දිනේෂ්ටත් ආරාධනා

ඉබි ගමනේ ඉදිවන අලිවැට ගැන ජනපතිගේ අවධානය

අලුතින් සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට විශාල හානියක් සිදු වන බැවින්, එය වැළැක්වීම සඳහා ගත හැකි සියලු නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එම කටයුතු සොයා බැලීම වෙනුවෙන් මෙහෙයුම් කමිටුවක් පත් … ඉබි ගමනේ ඉදිවන අලිවැට ගැන ජනපතිගේ අවධානය

විදේශීය දුම්වැටි තොගයක් සමග විදේශිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි , විදේශීය ගුවන් මගියෙකු අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින්. සැකකාර විදේශිකයා රැගෙන ගමන් මලු තුළ තිබී , චීනයේ නිෂ්පාදිත විවිධ වර්ගයේ දුම්වැටි 33,000 ක් අඩංගු දුම්වැටි කාටූන් … විදේශීය දුම්වැටි තොගයක් සමග විදේශිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

කෝන්වැලෑන කදු රක්‍ෂිතයේ ගින්නක්

වැල්ලවාය නගර ආසන්නයේ පිහිටා ඇති කෝන්වැලෑන කදු රක්ෂිතයේ හටගත් ගින්නකින් එහි අක්කර විස්සකට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ඊයේ පස්වරුවේ එම රක්‍ෂිතයේ හටගත් ගින්න වේගයෙන් පැතිර ගිය බවයි නෙත් නිවුස් නියෝජිත ජයන්ත වීරසේකර පැවසුවේ. කෙසේවෙතත් අද අලුයම වනවිට පැවති පිනි සහිත කාලගුණ තත්ත්වය හමුවේ රක්‍ෂිතයේ … කෝන්වැලෑන කදු රක්‍ෂිතයේ ගින්නක්

ඉරණතිව් දූපත ආසන්නයේ නාවික හමුදා මෙහෙයුමක්

තලෙයිමන්නාරමට උතුරු දෙසින් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතව සිටි ධීවර යාත්‍රාවක් සමග ඉන්දීය ධීවරයන් නව දෙනෙකු සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසනවා. ඉරණතිව් දූපතට දකුණු දෙසින් පිහිටි ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා පනහකට අධික සංඛ්‍යාවක් ධීවර කටයුතු සිදුකරමින් සිටි බවයි නාවික හමුදාව පැවසුවේ. … ඉරණතිව් දූපත ආසන්නයේ නාවික හමුදා මෙහෙයුමක්

පාකිස්තාන ගුවන් ප්‍රහාරය යුධ අපරාධයක් ලෙස විමර්ශනය කරන්න – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් ඉල්ලීමක්

පසුගිය මාර්තු 16 වන දින කාබුල් නුවර පිහිටි මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට එල්ල වූ ප්‍රහාරයෙන් අහිංසක සිවිල් වැසියන් 269 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් සුදුසු පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස පාකිස්තාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමෙන් මාස හතරකට පසුව, එම ප්‍රහාරය යුධ අපරාධයක් ලෙස විමර්ශනය කරන ලෙස ඉල්ලමින් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නව පරීක්ෂණ වාර්තාවක් ප්‍රකාශයට පත් කර තිබේ. එම ප්‍රහාරය … පාකිස්තාන ගුවන් ප්‍රහාරය යුධ අපරාධයක් ලෙස විමර්ශනය කරන්න – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් ඉල්ලීමක්

දෙවිනුවර වෙඩි තැබීමට සැකකරුවන් ආ මෝටර් රථය සොයා ගැනේ

දෙවිනුවර ප්‍රදේශයේ නිවසකට පසුගියදා එල්ල කළ වෙඩි ප්‍රහාරයට සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථයක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ, දික්වැල්ල, අලුත්පාර ප්‍රදේශයේදීයි. ඒ සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය මගින් තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා. අදාළ වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වුණේ නැහැ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කිහිපයක්ම තවදුරටත් විමර්ශන සිදුකරන බවයි පොලීසිය … දෙවිනුවර වෙඩි තැබීමට සැකකරුවන් ආ මෝටර් රථය සොයා ගැනේ