Nishan Neth News

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් – සභාවේ කටයුතුත් විනඩි 10කට කල් දැමේ

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු නැගිට කතානායකවරයාගෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියා. ඒ සම්බන්ධයෙන් කතානායකවරයා විසින් ආණ්ඩු පක්ෂයෙන් කරුණු විමසීමක් කළා. ඊට පිලිතුරු දෙමින් සභා නායක බිමල් රත්නායක අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා එකඟ නොවන බවත් අවශ්‍ය නම් අදාල කරුණ සම්බන්ධයෙන් ඡන්දයක් විමසීමට එකඟ වන බවයි. එහිදී ඇති වූ ඇති වූ උණුසුම් … පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් – සභාවේ කටයුතුත් විනඩි 10කට කල් දැමේ

වැල්ලවායේ පොලිස් මෙහෙයුමක් – – ගංජා හේන් දෙකක සිට සැකකරුවන් දෙදෙනෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට

වැල්ලවාය, අලුත්වෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා හේන් දෙකක් වටලා එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබූ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද සිය භාරයට ගත් බවයි වැල්ලවාය පොලීසිය පැවසුවේ. ගංජා හේනේ දෙකෙහි තිබූ ගංජා ගස්වල වටිනාකම රුපියල් ලක්‍ෂ 50කට අධික වනවා. එම ගංජා හේන් දෙක පොලීසිය විසින් ගිනි තබා විනාශ … වැල්ලවායේ පොලිස් මෙහෙයුමක් – – ගංජා හේන් දෙකක සිට සැකකරුවන් දෙදෙනෙකු ගිනි අවියක් සමග අත්අඩංගුවට

ඥානසාර හිමිගේ සිරදඬුවම තහවුරු කරයි – අභියාචනයත් ඉවතට

  බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබූ මාස 09ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කළා. ඒ,ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව බිඳහෙළීමට ක්‍රියා කළේ යැයි චෝදනාවට වරදකරු කළ නඩුවට අදාළවයි. එම සිරදඬුවමින් තමන් වහන්සේ නිදොස්කොට නිදහස් කරන ලෙස … ඥානසාර හිමිගේ සිරදඬුවම තහවුරු කරයි – අභියාචනයත් ඉවතට

හෝමාගම සහ අවට ප්‍රදේශය කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්

හෝමාගම, කොට්ටාව, ගලගෙදර, පන්නිපිටිය, පැලැන්වත්ත සහ මහරගම ප්‍රදේශවලට පැය 24ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ, හෙට (24) පස්වරු 6 සිට අනිද්දා (25) පස්වරු 6 දක්වායි. ලබුගම, කලටුවාව සිට මහරගම දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් මාර්ගය ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටු වන බව … හෝමාගම සහ අවට ප්‍රදේශය කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්

වාද්දූවේදී ගුවන් හමුදා සෙබළෙකුට පහරදීමක්

වාද්දුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු විසින් ගුවන් හමුදා සෙබළෙකුට පහරදිමක් සිදුකර තිබෙනවා. එම ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීමට අදාළ ගුවන් හමුදා සෙබළා පෝළිමේ රැදී සිටියදී සැකකාර තරුණයින් දෙදෙනා පෝලිමට පිටතින් පැමිණ මුදල් ලබා ගැනීමට උත්සාහ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඊට … වාද්දූවේදී ගුවන් හමුදා සෙබළෙකුට පහරදීමක්

ඉරානයට පනවා තිබූ අමෙරිකානු තෙල් සම්බාධක ඉවතට – තෙල් මිල දැන්වත් අඩු වෙයිද ?

ඇමරිකාව සහ ඉරානය අතර ස්විට්සර්ලන්තයේ පැවැති සාකච්ඡාවලින් අනතුරුව, ඉරානයට පනවා තිබූ තෙල් සම්බාධක තාවකාලිකව ලිහිල් කිරීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. දශක ගණනාවකට පසු ඉරාන බොරතෙල් ඇමරිකානු ඩොලර්වලින් අලෙවි කිරීමට සහ සෘජුවම ඇමරිකාවට අපනයනය කිරීමට මෙමගින් අවසර ලැබෙනු ඇති. දින 60ක කාලසීමාවකට බලපැවැත්වෙන පරිදීයි ඉරානයට පනවා තිබූ තෙල් සම්බාධක ලිහිල් කර ඇත්තේ. ඒ සාකච්ඡාවලදී එකඟතාවට එළඹී … ඉරානයට පනවා තිබූ අමෙරිකානු තෙල් සම්බාධක ඉවතට – තෙල් මිල දැන්වත් අඩු වෙයිද ?

ඉන්දියාවේ උපකාරක පන්ති මධ්‍යස්ථානයක ගින්නක් – සිසුන් 15 ක් ජීවිතක්‍ෂයට

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් නුවර පිහිටි උපකාරක පන්ති මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් එහි සිටි සිසුන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගින්න හටගන්නා අවස්ථාවේදී විශාල පිරිසක් ගොඩනැගිල්ල තුළ සිරවී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් සිය ජීවිත බේරා ගැනීම සදහා බොහෝ සිසුන් එම ගොඩනැගිල්ලේ පළමු මහලෙන් පහළට පැන තිබෙනවා. එහිදී තුවාල ලැබූ … ඉන්දියාවේ උපකාරක පන්ති මධ්‍යස්ථානයක ගින්නක් – සිසුන් 15 ක් ජීවිතක්‍ෂයට

කාදිනල් හිමි ගැන ගම්මන්පිල කළ ප්‍රකාශයට ආණ්ඩුවෙන් උත්තර

තම ජනතාව වෙනුවෙන් පෙනී සිටින කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික පියතුමන්ලා ඉලක්ක කර විපක්ෂයේ ඇතැම් පුද්ගලයින් සිදු කෙරෙන දෝෂ දර්ශනයන් පිළිකුල් සහගත බව ජාතික ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා පැවසුවේ එය කිසිසේත් අනුමත කල නොහැකි ක්‍රියාවක් බවයි.

ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි සමග තරමක තද සුළං

බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේදී ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද උදැසන නිකුත් කළ … ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි සමග තරමක තද සුළං