Nishan Neth News

පාකිස්තානුවන් 3,500ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කරයි

  ඉරාන – ඇමෙරිකානු ගැටුම් පවතින සමයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දේශීය සමාජ මාධ්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීම හේතුවෙන් පාකිස්තාන ජාතිකයන් 3,500කට ආසන්න පිරිසක් එරටින් පිටුවහල් කර ඇති බව පාකිස්තාන ජාතික මන්ත්‍රී මණ්ඩලයට (පාර්ලිමේන්තුවට) දැනුම් දෙන ලදී. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය ඩොක්ටර් තාරික් ෆස්ල් චෞද්රි ප්‍රශ්න විචාරක වේලාවේදී මතු වූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ පිළිබඳ … පාකිස්තානුවන් 3,500ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කරයි

ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි සහ තද සුළං

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම හම්බන්තොට සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය … ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි සහ තද සුළං

පාපන්දුවේ මහා මංගල්‍ය ඇරඹෙයි – පළමු ජය මොක්සිකෝවට

2026 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට උණුසුම් ආරම්භයක් සටහන් කරමින්, දකුණු අප්‍රිකාව සමඟ පැවැති සමාරම්භක තරගය ගෝල 2 ට 0 ක් ලෙස ජය ගැනීමට මෙක්සිකෝව සමත් වුණා. තරගය පැවැත්වුණේ ​ මෙක්සිකෝවේ සුප්‍රසිද්ධ ‘එස්ටාඩියෝ ඇස්ටෙකා’ ක්‍රීඩාංගණයේදියි. තරඟයේ 9 වැනි මිනිත්තුවේදීම පළමු ගෝලය ලබා ගැනීමට මෙක්සිකෝව සමත් වුණා. මෙම ගෝලය ලබාගත්තේ ජුලියන් කිනෝනස් (Julián Quiñones) විසින්. ඉන් … පාපන්දුවේ මහා මංගල්‍ය ඇරඹෙයි – පළමු ජය මොක්සිකෝවට

ට්‍රම්ප්ගෙන් අලුත් තීරණයක්

ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ “දරුණු ප්‍රහාරය” අවලංගු කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව පැවසුවේ ධවල මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්. ඊයේ රාත්‍රී ඉරානයට දරුණු ප්‍රහාර එල කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අනතුරු අඟවා සිටියා. එහෙත් ​ඉරානයේ ඉහළම නායකත්වයේද අනුමැතිය ඇතිව දෙපාර්ශවය අතර පැවැති සාකච්ඡා සාර්ථක වීම … ට්‍රම්ප්ගෙන් අලුත් තීරණයක්

මහාධිකරණ විනිසුරුට ලැබුණු ස්ථාන මාරුව ගැන පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක්

යාපනය මහාධිකරණ විනිසුරු ඒ. ජී. ඇලෙක්ස්රාජා ධුරයට පත්ව මාසයක් ගතවීමටත් මත්තෙන් ස්ථානමාරු කිරීම සම්බන්ධයෙන් රජය කිසිඳු මැදිහත්වීමක් සිදුකර නොමැති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කර මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ විනිසුරුවරයන්ගේ ස්ථානමාරු සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසම පමණක් කටයුතු කරන බවයි. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව … මහාධිකරණ විනිසුරුට ලැබුණු ස්ථාන මාරුව ගැන පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක්

ශෂි වීරවංශගෙන් යළි අභියාචනයක්?

අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනා වලට වරදකරු කර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට නියම කළ වසර දෙකක සිර දඬුවම හා දඩය ඉවත් කොට තමන්ව එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශ විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. තීන්දුව … ශෂි වීරවංශගෙන් යළි අභියාචනයක්?

සෙනහසේ කැදැල්ලේ හිමිකරු ලොකු අයියාට අද ලැබුණු තීන්දුව

හොරණ, බටගොඩ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එහි හිමිකරු වන ඉසුරු අනුෂ්ක පෙරේරා නොහොත් ‘ලොකු අයියා’ අද ඇපමත මුදා හැරුණා. කෙසේ වෙතත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් නොකෙරෙනු අතර, සැකකරු වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටි බවයි නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ. ස්කයිප් ඔස්සේ සැකකරු නඩු කටයුතු සඳහා ඉදිරිපත් … සෙනහසේ කැදැල්ලේ හිමිකරු ලොකු අයියාට අද ලැබුණු තීන්දුව

හදිසියේ රෝගී වූ සිසුන් පිරිසක් කන්තලේ රෝහලට

කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් පාසලක ප්‍රාථමික සිසුන්ට ලබාදුන් දිවා ආහාරය අනුභව කිරිමෙන් පසු රෝගිවු සිසුන් පිරිසක් ප්‍රතිකාර සදහා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එලෙස රෝහල්ගත කර ඇත්තේ එම පාසලේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් විස්සකට ආසන්න පිරිසක් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එම සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා. අදාළ සිසුන්ට … හදිසියේ රෝගී වූ සිසුන් පිරිසක් කන්තලේ රෝහලට

විදේශිකයන් පිරිසක් නීතියේ රැහැනට හසුකර ගත් මෙහෙයුම්

කූඨ ලේඛන සකසමින් ඔන්ලයින් මුදල් ජාවාරම් සිදුකළ බවට සැකපිට විදෙස් ජාතිකයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිබත්ගොඩ සහ කොල්ලුපිටිය ප්‍රදේශවලදීයි. පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ වැටලීම්වලදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතිකයින් 17 දෙනෙකු සිටින බවයි පොලීසිය පැවසුවේ. සැකකරුවන් සන්තකයේ තිබි විදේශ ගමන් බලපත්‍ර 62 … විදේශිකයන් පිරිසක් නීතියේ රැහැනට හසුකර ගත් මෙහෙයුම්