Nishan Neth News

ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් හෙලිකොප්ටර් යානා දහයක් සහ නාවික නෞකාවක් පරිත්‍යාග කෙරේ

ඇමරිකානු රජය විසින් පරිත්‍යාග කරන ලද ‘TH-57 Sea Ranger’හෙලිකොප්ටර් යානා සහ ඇමරිකානු වෙරළාරක්‍ෂක බලකායට අනුයුක්තව මෙහෙයුම් කටයුතු සිදුකළ කටර් (Cutter)වර්ගයේ නෞකාව ශ්‍රී ලංකාව වෙත රැගෙන එන ලදි. මෙය රටේ ආරක්‍ෂාව ශක්තිමත් කිරීමට,ආරක්‍ෂක අංශ නවීකරණය කිරීමට සහ කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් ජාත්‍යන්තර සබඳතා වර්ධනය කිරීමට රජය ගන්නා උත්සාහයේ තවත් එක් වැදගත් පියවරකි. මෙම ‘TH-57’හෙලිකොප්ටර් යානා ‘Bell 206’හෙලිකොප්ටර් … ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් හෙලිකොප්ටර් යානා දහයක් සහ නාවික නෞකාවක් පරිත්‍යාග කෙරේ

ගිනි අවි 19ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

  මෙරට නිශ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවි 19ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ‍බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් දෙමටගොඩ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී අදාළ සැකකරුවන් සහ ගිනි අවි තොගය සොයාගත් බව පොලිසිය පැවසුවේ. මෙම ගිනි අවි සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව සිදුකල මෙහෙයුමකදී මෙම … ගිනි අවි 19ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට

ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක ගින්නක් – සේවකයින් විසි දෙදෙනෙකු රෝහලට

  ඇඹිලිපිටිය නගරයේ ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නක් හේතුවෙන් එහි සේවක සේවිකාවන් විසි දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ශ්වසන අපහසුතා හේතුවෙන් එම පිරිස රෝහල් ගත කර ඇති බවයි. ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත්තේ ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලටයි. ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු … ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක ගින්නක් – සේවකයින් විසි දෙදෙනෙකු රෝහලට

මැදපෙරදිග අර්බුදය හමුවේ පකිස්ථානයේ බලශක්ති අර්බුදයක් – ඉස්ලාමාබාද් අගනුවර වෙළඳසැල් වැසීමේ වේලාවන් වෙනස් කෙරේ

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට සාපේක්ෂව, රට තුළ බලශක්ති පරිභෝජනය සීමා කිරීම සඳහා පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර පිහිටි ව්‍යාපාරික ස්ථාන වේලාසනින් වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ. රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් පිරිමැසුම්දායක වැඩපිළිවෙළක කොටසක් ලෙස මෙම නව නීති රීති බලාත්මක කර ඇත. සංශෝධිත නව කාලසටහනට අනුව සියලුම … මැදපෙරදිග අර්බුදය හමුවේ පකිස්ථානයේ බලශක්ති අර්බුදයක් – ඉස්ලාමාබාද් අගනුවර වෙළඳසැල් වැසීමේ වේලාවන් වෙනස් කෙරේ

ඉන්දියාවේ නිෂ්පාදන අංශය තුන් මසකින් ඉහළම වර්ධනය වාර්තා කරයි

පවතින දැඩි ඉල්ලුම හමුවේ ගත වූ මැයි මාසයේදී ඉන්දියාවේ නිෂ්පාදන අංශය මාස තුනකින් වේගවත්ම වර්ධනය වාර්තා කර ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ. කෙසේ වෙතත්, නිෂ්පාදන පිරිවැය වසර හතරකට පසු උපරිම මට්ටමකට පැමිණ ඇති අතර, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පවතින සුබවාදී බලාපොරොත්තු ද පෙබරවාරි මාසයෙන් පසු අවම මට්ටම දක්වා පහත වැටී ඇති බව සඳහන් වේ. S&P … ඉන්දියාවේ නිෂ්පාදන අංශය තුන් මසකින් ඉහළම වර්ධනය වාර්තා කරයි

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්

“Samagi Capital (Private) Limited” නමින් ක්‍රියාත්මක ආයතනය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍රලාභී කොටස් තැරැව්කාර සමාගමක් නොවන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් මහජනයාවෙත දැනුම් දෙනවා. එමෙන්ම මෙම සමාගමට කොටස් තැරැව්කරණය සඳහා බලපත්‍රය ලබා දෙමින් නිකුත් කරන ලද සහතිකයක ඡායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍යයන් හි සංසරණය වන බවත්, එම … ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්

ක්‍රිකට් ක්‍රීඩකයින් 46කට වාර්ෂික කොන්ත්‍රාත් පිරි නමයි

  2026 – 2027 කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩක ගිවිසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩකයින් 46 දෙනෙකු සඳහා වාර්ෂික කොන්ත්‍රාත් පිරිනමා ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ. මෙම කොන්ත්‍රාත් කාලය 2026 අප්‍රේල් මස 01 වැනිදා සිට 2027 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වනවා. ක්‍රීඩකයන් A1, A2, … ක්‍රිකට් ක්‍රීඩකයින් 46කට වාර්ෂික කොන්ත්‍රාත් පිරි නමයි

ඩුබායි සුද්දා රිමාන්ඩ්

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව, සංචාරක වීසා උපයෝගි කරගනිමින් ශ්‍රි ලාංකිකයින් ඩුබායි හා මොල්ඩෝවා රාජ්‍යයන්හි රැකියා සඳහා යොමුකිරීමේ වරදට අත්අඩංගුවට ගත් රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා නැමැත්තා ජූනි මස 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.   සැකකරු විසින් ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන … ඩුබායි සුද්දා රිමාන්ඩ්

ඉන්ධන මිල වැඩි කළේ ඇයි – කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමතිගෙන් උත්තර

  මෙම වසරේ මුල් මාස පහ තුළ ඉන්ධන පරිභෝජනය සාපේක්ෂව සුළු වශයෙන් අඩු මට්ටමක පැවතියද, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඉකුත් ජනවාරි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 186ක් වැය වූ අතර, මැයි මාසය … ඉන්ධන මිල වැඩි කළේ ඇයි – කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමතිගෙන් උත්තර