Nishan Neth News

බඩල්ගම සැක කටයුතු මරණයක්

බඩල්ගම, ආඩිමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ එම පුද්ගලයා තුවාල ලබා මියගොස් ඇති බවට සැක කරන බවයි. එලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු බවට හදුනා ගෙන තිබෙනවා. මෘත ශරීරය සදහා පොලිස් ආරක්ෂාව සපයා ඇති අතර මහේස්ත්‍රාත් පරික්‍ෂණය සිදුකිරීමට නියමිතයි. එම මරණය සම්බන්ධයෙන් බඩල්ගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු … බඩල්ගම සැක කටයුතු මරණයක්

වියට්නාමය මිසයිල ගනුදෙනුවක

  ඉන්දියාව විසින් නිෂ්පාදනය කරනු ලබන BrahMos සුපර්සොනික් කෲස් මිසයිල වියට්නාමයට අපනයනය කිරීම සඳහා වන ගිවිසුමකට අත්සන් තබා ඇති බවත්, ඉන්දුනීසියාව සමඟ ද එවැනිම ගිවිසුමක් අවසන් අදියරේ පවතින බවත් ඉන්දීය ආරක්ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං ප්‍රකාශ කළේය. ඔහු මේ බව කියා සිටියේ සිය සිංගප්පූරු නිල සංචාරය අතරතුරදීය. සිංගප්පූරුවේ පැවැත්වෙන ‘ෂැංග්‍රිලා සංවාදය’ ආරක්ෂක සමුළුව අමතමින් ආරක්ෂක … වියට්නාමය මිසයිල ගනුදෙනුවක

මීගොඩ දන්සල් අනතුරේ කැබ් රථ රියදුරාට බන්ධනාගාරයේදී වෙච්ච දේ

මීගොඩ පැවති දන්සලක පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කළ කැබ් රථ රියදුරා අද දිනයේ වෙනත් වාට්ටුවක රැදවීමට නියමිතව තිබෙනවා. ඔහු ඊයේ පස්වරුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන ඒමෙන් පසුව නවක රැදවියන් රදවනු ලබන එල් වාට්ටුවේ රදවා තිබෙනවා. අද දිනයේ වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කිරීමෙන් පසු ඔහු එම බන්ධනාගාරයේ වෙනත් වාට්ටුවකට මාරු කිරීමට නියමිත  … මීගොඩ දන්සල් අනතුරේ කැබ් රථ රියදුරාට බන්ධනාගාරයේදී වෙච්ච දේ

දෙහිඅත්තකණ්ඩියේ පුරාවස්තු සෙවූ තිදෙනෙකුට වැඩ වරදී

දෙහිඅත්තකණ්ඩිය, මුවගම්මන ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදුකරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අකුරැස්ස, බෝගස්වැව සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවයි පොලීසිය පැවසුවේ. පුරාවස්තු සොයා කැණිම් සිදුකිරීමට සැකකරුවන් යොදාගත් උපකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය පොලිසිය මගින් … දෙහිඅත්තකණ්ඩියේ පුරාවස්තු සෙවූ තිදෙනෙකුට වැඩ වරදී

මරණීය දණ්ඩනයට එරෙහිව වෙළේ සුදා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ඉවතට

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 2008 වසරේ … මරණීය දණ්ඩනයට එරෙහිව වෙළේ සුදා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ඉවතට

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

2016 වසරේ මාර්තු මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර නිකුතුවකදී රජයේ අරමුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් පර්පචුවල් ට්‍රෂෙරීස් සමාගම, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබු නඩුවේ පොදු දේපළ පනත යටතේ ගොනුකර තිබූ චෝදනා එම විත්තිකරුවන්ට එරෙහිව පවත්වාගෙන … මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

කැබ් රථයේ සිටි අනෙක් දෙදෙනාත් අත්අඩංගුවට ගන්න මීගොඩ පොලීසියෙන් මෙහෙයුමක්

මීගොඩ පැවැති දන්සලක පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැදවා තවත් පිරිසකට තුවාල සිදුකළ කැබ් රථයේ ගමන් ගත් සෙසු පුද්ගලයන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීම සදහා මීගොඩ පොලීසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් යොමු කර තිබෙනවා. ඔවුන් දෙදෙනා පිළියන්දල ප්‍රදේශයේ යාබද නිවෙස් දෙකක පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. ඒ අනුව ඊයේ දිනයේ මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එම නිවෙස් දෙකට ගොස් … කැබ් රථයේ සිටි අනෙක් දෙදෙනාත් අත්අඩංගුවට ගන්න මීගොඩ පොලීසියෙන් මෙහෙයුමක්

දන්සලක සිටි හය දෙනෙකුගේ දිවි අහිමි කළ කැබ් රථ රියදුරා බන්ධනාගාරයේදීත් වෛද්‍ය පරීක්‍ෂණයකට

මීගොඩ පැවැති දන්සලක පුද්ගලයින් 6 දෙනෙකුට මරු කැදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කළ කැබ් රථ රියදුරා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා තිබෙනවා. එම අනතුර සිදුකර කැබ් රථයෙන් පලායමින් සිටි සැකකාර රියදුරා ගොඩගම ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් අනතුරුව මීගොඩ පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමෙන් පසු වෛද්‍ය පරික්‍ෂණයකට යොමු කළ ඔහු හෝමාගම පොලිස් ස්ථානයේ … දන්සලක සිටි හය දෙනෙකුගේ දිවි අහිමි කළ කැබ් රථ රියදුරා බන්ධනාගාරයේදීත් වෛද්‍ය පරීක්‍ෂණයකට

ඉන්දු – ඕමාන් නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මකයි

  ඉන්දියාව සහ ඕමානය අතර ඇති කරගත් ඓතිහාසික ‘සමස්ත ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම’ (CEPA) ඉන්දීය වේලාවෙන් ඊයේ පස්වරු 2:00 ට නිල වශයෙන් බලාත්මක වී තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඕමානයේ සුල්තාන් හයිතම් බින් තාරික් ඉදිරියේ, පසුගිය දෙසැම්බර් 18 වැනිදා මෙම ගිවිසුමට අත්සන් තබන ලදී. ඒ සඳහා ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයල් සහ ඕමානයේ … ඉන්දු – ඕමාන් නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මකයි