Nishan Neth News

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

අවිස්සාවේල්ල බස් නැවතුම්පොළ අසලදී අධි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ සැකකාර එම පුද්ගලයා සන්තව තිබු පොහොර උරයක් පරීක්‍ෂා කිරීමේදි අදාල පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බවයි. එහි තිබී ජෙලෙට් නයිට් කූරු 60ක් සහ ඩෙටනේටර් 50 ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ අඹගොල්ල ගන්කන්ද ප්‍රදේශයේ පදිංචි රියදුරෙක්. ඔහු මෙම අධිබලැති පුපුරන්න ද්‍රව්‍ය … පුපුරණ ද්‍රව්‍ය තොගයක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

ලැව්ගින්නක් ඇති කළ පුද්ගලයෙකු වරදකරු වෙයි

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත ඉතිහාසයේ වඩාත් විනාශකාරී ලැව්ගිනිවලින් එකක් ඇති කිරීම සම්බන්ධයෙන් 30 හැවිරිදි පුද්ගලයෙකු වරදකරු බව ලොස් ඇන්ජලීස් ජූරි සභාවක් තීරණය කර තිබෙනවා. පසුගිය වසරේ ජනවාරි මාසයේදී පැසිෆික් පැලිසේඩ්ස් සහ මලිබුහි ඇතැම් ප්‍රදේශ පුරා පැතිර ගිය මෙම ලැව්ගින්නෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ගොඩනැගිලි 6,800කට අධික සංඛ්‍යාවක් විනාශ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගිනි … ලැව්ගින්නක් ඇති කළ පුද්ගලයෙකු වරදකරු වෙයි

කලල්ගොඩ පරණ බඩු එකතු කරන ස්ථානයක ගින්නක්

තලවතුගොඩ – පන්නිපිටිය මාර්ගයේ කලල්ගොඩ ප්‍රදේශයේ පරණ බඩු එකතු කරන ස්ථානයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිවීම සදහා ගිනි නිවීම් රථ 3 ක් ගිනි නිවීම් භටයන්ද සමග ස්ථානයට පැමිණ සිටින බවයි එහි සිටින නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ. කෙසේවෙතත් ගින්න පාලනය කිරීමට තවමත් නොහැකිවී තිබෙනවා. කලල්ගොඩ ප්‍රදේශයේ පරණ බඩු එකතු කරන ස්ථානයක අද මෙම ගිනි ගැනිම සිදුවන්නේ … කලල්ගොඩ පරණ බඩු එකතු කරන ස්ථානයක ගින්නක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට

දිවයිනේ ප්‍රදේශ හතරක සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා. මාලඹේ, වානගුරු මාවත ප්‍රදේශයේදී හොරහේන හන්දිය දෙස සිට හෝකන්දර හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය අයිනේ ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් එක් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා සහ යතුරුපැදිකරු මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පදිකයා මියගොස් ඇති … දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට

හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු ජාඇලදී අත්අඩංගුවට

ජාඇල පොලිස් වසමේ ඇවරියවත්ත පාර ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු කළ වැටලීමකදී හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. එහිදී සැකකරු සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 500ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු … හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු ජාඇලදී අත්අඩංගුවට

පෝලන්තයට රුසියානු මිසයිල දෙකක් සහ ඩ්‍රෝන යානයක් කඩා වැටෙයි – “හිතාමතා කළ ප්‍රකෝප කිරීමක්” බවට අගමැතිගෙන් චෝදනා

පෝලන්තයට රුසියානු මිසයිල දෙකක් සහ සැකකටයුතු ඩ්‍රෝන යානයක් කඩා වැටි ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. යුක්‍රේනයේ පශ්චාත්-යුද මෙහෙයුමක් සඳහා සූදානම් වීමේ අරමුණින් පෝලන්තයේ පැවැත්වෙන යුරෝපීය හමුදා අභ්‍යාසයන්ට සමගාමීව මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඒ අනුව මෙය රුසියාව විසින් ”හිතාමතාම සිදු කළ ප්‍රකෝප කිරීමක්” බව පෙනී යන්නේ යැයි පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටස්ක් … පෝලන්තයට රුසියානු මිසයිල දෙකක් සහ ඩ්‍රෝන යානයක් කඩා වැටෙයි – “හිතාමතා කළ ප්‍රකෝප කිරීමක්” බවට අගමැතිගෙන් චෝදනා

බුලත්කොහුපිටියේ වැටලීමක්

බුලත්කොහුපිටිය නගරයේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී දුම්වැටි තොගයක් සහ පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අළෙවි කිරීමට මත්පෙති තොගයක් සන්තකව සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබි මත්පෙති 1,287ක් සහ නීති විරෝධී දුම්වැටි 7,000 ක් සොයාගත් බවයි බුලත්කොහුපිටිය පොලීසිය පැවසුවේ. එම දුම්වැටි සහ මත්පෙතිවල වටිනාකම රුපියල් ලක්‍ෂ 15කට අධික වනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් බුලත්කොහුපිටිය … බුලත්කොහුපිටියේ වැටලීමක්

විදෙස් රටවල සැඟව සිටියදී කොටු කර ගෙන රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් ගැන ආණ්ඩුවෙන් ප්‍රකාශයක්

විදෙස් රටවල සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් හැත්තෑවකට අධික පිරිසක් දිවයිනට රැගෙන ඒමට පසුගිය කාලසීමාව තුළ හැකි වූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. කටුකරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු බව කියා සිටියා. මේ අතර රුසියාවේදි අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු … විදෙස් රටවල සැඟව සිටියදී කොටු කර ගෙන රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් ගැන ආණ්ඩුවෙන් ප්‍රකාශයක්

2026 ජාතික කණිෂ්ඨ දැල් පන්දු තරගාවලිය අද සහ හෙට

2026 ජාතික කණිෂ්ඨ දැල්පන්දු තරගාවලිය අද සහ හෙට කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ”ඇයව බලගන්වන සැබැදියාව” යන තේමාව යටතේ, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සමඟ එක්ව ීඛඔ SLT Mobitel ප්‍රධාන අනුග්‍රහයෙන් මෙම තරගාවලිය සංවිධානය කර තිබෙනවා. නැඟී එන දක්ෂ ක්‍රීඩිකාවන් පෝෂණය කිරීම, කාන්තා ක්‍රීඩාවේ වර්ධනයට දායක වීම සහ ක්‍රීඩාව සඳහා කාන්තා උනන්දුව වැඩි කිරීම තරගාවලියේ ප්‍රධාන … 2026 ජාතික කණිෂ්ඨ දැල් පන්දු තරගාවලිය අද සහ හෙට