Nishan Neth News

“කරන්දෙණියේ සුද්දා” එක්ක ගහපු ගේම් “මීටියාගොඩ රාජු” එක පෙළට වමාරයි

ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබ ඉකුත්දා ශ්‍රී ලංකාවට රැගෙන ආ “මීටියාගොඩ රාජු” ප්‍රශ්න කිරීම් හමුවේ සිදු කළ අපරාධ පිළිබඳ වැදගත් තොරතුරු දැන් අනාවරණ කරමින් සිටිනවා. ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසු ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන්නේ පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින්. මනුෂ්‍ය ඝාතන පනහකට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳ ඔහුට චෝදනා තිබෙනවා. සිදුකෙරුණු මනුෂ්‍ය ඝාතන සඳහා ආයුධ ලබාගත් … “කරන්දෙණියේ සුද්දා” එක්ක ගහපු ගේම් “මීටියාගොඩ රාජු” එක පෙළට වමාරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන ගැන ආණ්ඩුවෙන් දැනුම් දීමක් 

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන තවත් කෙටි කාලයක් තුළ සාර්ථකව අවසන් කිරීමට හැකිවනු ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එහිදී අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන මේ වන විට ඉතා සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන … පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන ගැන ආණ්ඩුවෙන් දැනුම් දීමක් 

ඉරානයට සහාය දක්වන බවට සැක කෙරෙන නැවක් අමෙරිකා හමුදා භාරයට

අමෙරිකානු හමුදා විසින් ආසියා පැසිෆික් කලාපයේදී ඉරානයට සහාය දක්වන බවට සැකකෙරෙන, සම්බාධක පැනවූ M/T Tifani නෞකාව සිය පාලනයට නතු කරගෙන තිබෙනවා. පෙන්ටගනය එනම් වර්තමාන ‘යුද දෙපාර්තමේන්තුව’ සඳහන් කරන පරිදි, මෙම මෙහෙයුම සිදු කර ඇත්තේ ඉරානයේ නීති විරෝධී ජාලයන් අඩපණ කිරීමේ අරමුණ ඇතිවයි. ඉරානයට ද්‍රව්‍යමය ආධාර සපයන නීති විරෝධී ජාලයන් සහ සම්බාධක පැනවූ නෞකාවන් ඉලක්ක කර … ඉරානයට සහාය දක්වන බවට සැක කෙරෙන නැවක් අමෙරිකා හමුදා භාරයට

කොළඹට බෝම්බ තර්ජනයක් නැහැ – පොලීසියෙන් සහතිකයක්

කොළඹට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් පිළිබඳ පැතිර යන රාවයන් සත්‍යයෙන් තොර බව පොලිසිය පවසනවා. එවැනි කිසිදු තර්ජනයක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ. කොළඹ ප්‍රදේශයේ බෝම්බ පිපිරවීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියාකාරකම් සිදුකිරීමට සැලසුම් කළ බවට සැකපිට සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු ඉකුත්දා අත්අඩංගුවට ගැනුනා. … කොළඹට බෝම්බ තර්ජනයක් නැහැ – පොලීසියෙන් සහතිකයක්

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනාට එරෙහි නඩුවක් කල් යයි

හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය මැයි මස 12 වන දා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඒ එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ අද කැඳවූ අවස්ථාවේදීයි. එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මෙම නඩුකරයේ වැඩිදුර සාක්ෂි විභාගය මාර්තු මස … හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනාට එරෙහි නඩුවක් කල් යයි

තර්ජන එක්ක සාකච්ඡා නැහැ – ඉරානය කියයි

ඇමරිකාව සහ ඉරානය අතර දැනට ක්‍රියාත්මක සටන් විරාමය හෙටින් අවසන් වීමට නියමිතව තිබියදී, දෙරට අතර යුද උණුසුම යළි උත්සන්න වී තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ දැනට පවතින සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට ඇති ඉඩකඩ ඉතා අවම බවයි. මේ අතර ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා පවසන්නේ, ඇමරිකාව සමඟ යළිත් සටනක් ආරම්භ වුවහොත් යුද්ධය සදහා නව උපායමාර්ග යොදාගන්නා … තර්ජන එක්ක සාකච්ඡා නැහැ – ඉරානය කියයි

කුඩු සලිඳුගේ සමීපතමයින් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස කුප්‍රකට සළිඳු මල්ශික ගුණරත්න හෙවත් පානදුරේ කුඩු සලිඳුගේ සමීපතමයින් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා පයාගල ප්‍රදේශයේ රහසිගතව රැඳී සිටිමින් අවට ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදා හැර ඇති බවටයි මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙන්නේ. ඒ අනුව වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය පයාගල නිර්මලවත්ත හා කුඹුරුගොඩ යන ප්‍රදේශයන්හි කළ වැටලීමකදී මෙම … කුඩු සලිඳුගේ සමීපතමයින් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

මෑතකදී හෙරොයින් ජාවාරමට එක් වූ තරුණියකට වැඩ වරදී

හෙරොයින් ග්‍රැම් 36ක් සහ අටලක්ෂ හැත්තෑ පනදහස් පන්සිය පනහක මුදලක් සන්තකව සිටි තරුණියක් අගුලාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ශ්‍රි ඥානේන්ද්‍ර මාවත ප්‍රදේශයේ පදිංචි තරුණියක්. අගුලාන පොදු ජය මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ඇය මෑතකදී හෙරොයින් ජාවාරමට සම්බන්ධවී ඇති බවටයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. පොදු ජය මාවත ප්‍රදේශයේ නිවසක … මෑතකදී හෙරොයින් ජාවාරමට එක් වූ තරුණියකට වැඩ වරදී

කොළඹ බෝම්බ පිපිරවීමට සැලසුම් කළ සැකකරු ගැන තවත් තොරතුරු රැසක් එළියට

කොළඹ ප්‍රදේශයේ බෝම්බ පිපිරවීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියාකාරකම් සිදු කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා පිළිබද තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. ඒ, ඔහු අත්අඩංගුවට ගත් ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේදීයි.