Nishan Neth News

පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරයෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. ඒ, පිටිගල, බඹරවාන ප්‍රදේශයේදී සිය වත්තේදීයි. එම වත්තේ සේවකයන් දෙදෙනෙකු අතර සිදුවූ ආරවුලක් විසදීමට යාමේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. ආරවුල හටගත් පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු විසින් එලෙස තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා. එහිදී … පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරයෙකුට තියුණු ආයුධ ප්‍රහාරයක්

බලශක්ති ඇමති සහ ලේකම් ඉල්ලා අස්වූ සැබෑ හේතුව ශ්‍රීලනිපය හෙළි කරයි

බලශක්ති අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශ ලේකම්වරයා සිය ධුරවලින් ඉල්ලා අස්වීම විපක්‍ෂය ලැබූ ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න  කියාසිටියේ විපක්‍ෂය, ජනතාව සහ සමාජ මාධ්‍ය සිදුකළ බලපෑම් මත ඔවුන් දෙදෙනා සිය ධුරවලින් ඉල්ලා අස් වූ බවයි. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ භාණ්ඩාගාරිකවරයා මෙම අදහස් පළ කළා.

බලශක්ති ඇමති විතරක් නොව ආණ්ඩුවම ඉල්ලා අස් විය යුතු බව සජබය කියයි

සිදුව ඇතැයි පැවසෙන ගල් අඟුරු වංචාවට අදාළව බලශක්ති අමාත්‍යවරයා පමණක් නොව ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්‍ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කළ ආණ්ඩුව ගල් අඟුරු වංචාවට වගකිව යුත්තන් ආරක්‍ෂා කිරීමට පෙනී සිටි බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ.

දිවයිනට රැගෙන ආ කරන්දෙණියේ සුද්දාගේ මල්ලීට වෙච්ච දේ

දිවයිනට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන මීටියාගොඩ රාජු නොහොත්  SF රාජු  නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සදහා නාරාහේන්පිට පිහිටි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට නව නීති මාලාවක්

නව ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම වෙනුවෙන් නව නිතී සහ කොන්දේසි කිහිපයක් එක් ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර ඇතැයි වාර්තා පළ වනවා. පසුගිය මාර්තු මස 31 වනදායින් ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අවසන් වූ අතර ඒ අනුව ක්‍රීඩකයින් සඳහා සකස් කළ නව ජාතික කොන්ත්‍රාත් ගිවිසුම ක්‍රීඩකයින් වෙත භාර දී ඇති බවටයි වාර්තා වන්නේ. මෙම … ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට නව නීති මාලාවක්

නෑගම් යන සහ කොළඹ එන ජනතාවගෙන් නගර පිරී යයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑගම් යන සහ ගම්බිම් බලා ගිය ජනතාව යළි කොළඹට පැමිණීම හේතුවෙන් දිවයිනේ සෑම ප්‍රධාන බස් නැවතුම්පොලවල පාහේ අද පෙරවරුවේ සිට ජනතාව රැදි සිටිනවා. ඒ අනුව පෙර දිනවලට සාපේක්‍ෂව අද දිනයේ නගර වෙත පැමිණි ජනතාව ඉහළ ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. පසුගිය දිනවල අඩපණ වී තිබූ ග්‍රාමීය බස් … නෑගම් යන සහ කොළඹ එන ජනතාවගෙන් නගර පිරී යයි

පකිස්ථානයේ විශාලතම තඹ-රන් පතල් ව්‍යාපෘතියේ ප්‍රමාදයක් – හේතුව ආරක්ෂක ගැටලුවක්!

කැනේඩියානු සමාගමක් වන බැරික් මයිනින් කෝපරේෂන් (Barrick Mining Corporation), පකිස්ථානයේ බලුකිස්තානයේ පිහිටි රෙකෝ දික් (Reko Diq) රන් සහ තඹ ව්‍යාපෘතියේ සියලු අංශ පිළිබඳව සිදු කරන සමාලෝචනය වසරකින් ප්‍රමාද කර ඇති බව එම සමාගමේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේය. ව්‍යාපෘතියේ ආරක්ෂාව පිළිබඳ පවතින ගැටලු මෙයට හේතුව ලෙස ඔහු සඳහන් කළේය. බලුකිස්තානය තුළ පවතින ආරක්ෂාව සම්බන්ධ ගැටලු ඉහළ යාම … පකිස්ථානයේ විශාලතම තඹ-රන් පතල් ව්‍යාපෘතියේ ප්‍රමාදයක් – හේතුව ආරක්ෂක ගැටලුවක්!

ලෙබනන් සටන් විරාමය පිළිගන්නා බව ඉන්දියාව කියයි

මැදපෙරදිග යුදමය තත්වය ගැන අවධානයෙන් සිටින බව ඉන්දියාව කියයි ඊශ්‍රායල-ලෙබනන් සටන් විරාමය ඉන්දියාව සාදරයෙන් පිළිගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් ප්‍රකාශ කළේය. ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ සාමය කරා යන සෑම පියවරක්ම ඉන්දියාව සාදරයෙන් පිළිගන්නා බවයි ඉරානය සහ එක්සත් ජනපදය අතර සාම ක්‍රියාවලියේදී පකිස්ථානයේ භූමිකාව පිළිබඳව නැඟුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජයිස්වාල් කියා … ලෙබනන් සටන් විරාමය පිළිගන්නා බව ඉන්දියාව කියයි

ආයුධ සමග අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රීවරයෙකුට එරෙහිව ඉදිරියේදී ගන්න යන පියවර

රැදවුම් නියෝග මත පැය 72ක් ප්‍රශ්ණ කිරීමෙන් ලැබෙන තොරතුරු අනුව ආයුධ සමග අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රීආරච්චි සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව පොලීසිය පවසනවා. ඔහු රදවාගෙන ප්‍රශ්ණ කිරීම් සිදුකරනු ලබන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය මගින්. සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා පසුගිය 16 වනදා අත්අඩංගුවට ගැනුනා. ජීව අත්බෝම්බයක්, ටි 56 වර්ගයේ මැගසින් 02ක්, ටි 56 ජිව … ආයුධ සමග අත්අඩංගුවට ගත් හිටපු මන්ත්‍රීවරයෙකුට එරෙහිව ඉදිරියේදී ගන්න යන පියවර