Nishan Neth News

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව 64ක් දක්වා ඉහළට

ස්පාඤ්ඤයේ සිදුවූ දරුණු දුම්රිය අනතුරකින් මියගිය සංඛ්‍යාව 64ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. ​මෙය මෙම වසර තුළ ස්පාඤ්ඤයේ සිදුවූ දෙවන දරුණුතම දුම්රිය අනතුරයි. අනතුර සිදුවූ ස්ථානයේ සුන්බුන් අතර තවත් මළසිරුරු තිබේදැයි සෙවීම සඳහා මුදාගැනීමේ කණ්ඩායම්, ගිලන්රථ, හෙලිකොප්ටර් යානා සහ ආදාහනාගාර රථ විශාල ප්‍රමාණයක් යොදවා තිබෙනවා. ​ටොලෙඩෝ ප්‍රදේශය … ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරෙන් මියගිය සංඛ්‍යාව 64ක් දක්වා ඉහළට

පොලිසිය භාරයේ සිටියදී තරුණයෙකු මියයාමේ සිද්ධියට හෝමාගම පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

පොලිසිය භාරයේ සිටියදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින්. අදාළ තරුණයා මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ඇතුළු එම පොලිස් ස්ථානයේ නිලධාරීන් තිදෙනෙකුගේ සේවය මේ වනවිට අත්හිටුවා තිබෙනවා.

ඉන්දියාවට කඩා වැදුණු ‘අර්නාබ්’ චණ්ඩ මාරුතයෙන් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට — 1,80,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත

ඉන්දියාවේ ආන්ධ්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයට බලපෑ ‘අර්නාබ්’ (Arnab) ප්‍රබල චණ්ඩ මාරුතය සහ අධික වර්ෂාපතනය හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් තහවුරු කරනවා. ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අතිශය චණ්ඩ මාරුතයක් ලෙස ගොඩබිමට කඩා වැදුණු අර්නාබ් කුණාටුව, පසුව ගොඩබිම ඔස්සේ ඉදිරියට ඇදී යාමත් සමඟ ක්‍රමයෙන් බලපෑම අඩු වී ඇති බවයි. විසාකාපට්නම් වරාය නගරයේ … ඉන්දියාවට කඩා වැදුණු ‘අර්නාබ්’ චණ්ඩ මාරුතයෙන් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට — 1,80,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත

හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඒ මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරගැනීමට අදාල අධිකරණ කටයුත්තක් සදහා ඔහු මෙලෙස අධිකරණයට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

“ඔර්නබ්” ඉතා ප්‍රබල සුළි කුණාටුව ඉන්දියාවට

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්” ඉතා ප්‍රබල සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය කෙරෙහි එම පද්ධතියෙන් ඇති වන බලපෑම ක්‍රමයෙන් අඩු වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. කෙසේවෙතත් බස්නාහිර, සබරගමුව පළාත් සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල … “ඔර්නබ්” ඉතා ප්‍රබල සුළි කුණාටුව ඉන්දියාවට

පකිස්ථානය පරදා ශ්‍රී ලංකාව අවසන් තරඟයට තැන වෙන් කර ගනී

පකිස්ථාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිය දෙවන ජයග්‍රහණය ද හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා. ඔවුන් මෙම ජයග්‍රහණය ලැබූයේ තරගාවලියේ මෙතෙක් අපරාජිතව සිටි සත්කාරක පකිස්ථාන කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින්. පකිස්ථානයේ ලාහෝර්හිදී මෙම තරගය පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 110ක් පමණයි. විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු ඩිල්ෂාන් … පකිස්ථානය පරදා ශ්‍රී ලංකාව අවසන් තරඟයට තැන වෙන් කර ගනී

ශ්‍රී ලංකාවට ලකුණු 111ක ඉලක්කයක්

  තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ දැන් පැවත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් පකිස්තාන කණ්ඩායමේ ඉනිම ලකුණු 110කට සීමා කිරීමට ශ්‍ර්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, පන්දුවාර 25 පන්දු 3ක් තුළදීයි. පකිස්තානයේ වැඩිම ලකුණුලාභියා වූ, බාබර් අසාම්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 29 ක් පමණයි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දිල්ශාන් මදුෂංක ලකුණු 34කට කඩුලු 5ක් … ශ්‍රී ලංකාවට ලකුණු 111ක ඉලක්කයක්

නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් හෙට දින කරුණු දක්වන ලෙස අල්ලස් කොමිසමට නියෝග

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ හෙට දින කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අල්ලස් කොමිසමට නියම කළා. නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා මෝසමක් ඉදිරිපත් කරමින් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළා. එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වීමට කල් ලබාදෙන ලෙස … නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් හෙට දින කරුණු දක්වන ලෙස අල්ලස් කොමිසමට නියෝග

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුව පන්දු අතට ගනී

පකිස්ථාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වන තරගය මේ වනවිට පැවැත්වෙනවා. මෙහිදී ශ්‍රී ලංකාව තරග වදින්නේ පකිස්ථානය සමඟයි. අද තරඟයේ කාසියේ වාසිය දිනාගත්තේ ශ්‍රී ලංකාවයි. පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පකිස්ථානයට ලබාදීමට ඔවුන් තීරණය කළා. ඒ අනුව මේ වනවිට පන්දුවට පහර දෙන පකිස්ථාන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 4ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී … කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පළමුව පන්දු අතට ගනී