මෙම වසරේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 110,431 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඩෙංගු මරණ 82ක් ද සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. පසුගිය වසර 25ක කාලය සැලකීමේදී, වසරක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව ඉක්මවා ගිය තෙවන අවස්ථාව මෙය වන බවයි එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර පෙන්වා දෙන්නේ. පසුගිය වසරේදී මෙරටින් … ඩෙංගු රෝගින් ගණන එක් ලක්‍ෂ දස දහස පනී
දිනකට හෝ දින කිහිපයකට පෙර මිය ගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අතුරුගිරිය, බොරළුගොඩ ප්‍රදේශයේ නිවසක තිබී සොයාගෙන තිබෙනවා. එම නිවසින් දුඟදක් හමන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය කළ සොයා බැලීමකදී මෙම සිරුර සොයාගෙන ඇත්තේ. මියගිය පුද්ගලයා රත්නායක ආරච්චිලාගේ දොන් ප්‍රීමන් නමැත්තෙකු බවද ඔහු 65 වන වියේ පසුවූවෙකු බවද හදුනාගෙන තිබෙනවා. ඔහු වෘත්තියෙන් කැමරා … වික්ටර් රත්නායකගේ බාල සොහොයුරෙකුගේ මළ සිරුරක් නිවසකින් සොයාගැනේ
යේමන දේශසීමාවට ආසන්නව පිහිටි සෞදි අරාබියේ ‘ජිසාන්‘ වරාය නගරය සඳහා එරට බලධාරීන් හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. සෞදි සිවිල් ආරක්ෂක අංශය විසින් මෙම ”විය හැකි අනතුරුදායක තත්ත්වය” පිළිබඳ නිවේදනය නිකුත් කරමින් පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ, නිවෙස් තුළම රැඳී සිටින ලෙස හෝ ආසන්නතම ආරක්ෂිත ගොඩනැගිල්ලක් වෙත යොමු වන ලෙසයි. කෙසේ වෙතත්, එම හදිසි අනතුරු ඇඟවීම … සෞදියේ වරාය නගරයකට හදිසි අනතුරු ඇඟවීමක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර ඓතිහාසික ත්‍රිපාර්ශ්වික හමුවෙන් අනතුරුව ලෝක නායකයින් තිදෙනා විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. උපායමාර්ගික ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර ආරක්ෂාව තහවුරු කිරීමට සියලු පාර්ශ්වයන් කැපවිය යුතු බවයි ඔවුන් තිදෙනා පෙන්වා දී ඇත්තේ. න්‍යෂ්ටික යුද්ධයක් කිසිදා ඇති නොවිය යුතු බවට එහිදී එකඟතාව පළ වී … ට්‍රම්ප්, පුටින් සහ ෂී ජින්පිං අතර ඓතිහාසික ත්‍රිපාර්ශ්වික හමුවෙන් අනතුරුව ඒකාබද්ධ සාම ප්‍රකාශයක්
බීමත්ව ලංගම බස් රථයක් ධාවනය කළ රියදුරෙකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කිරීමට අලුත්කඩේ අංක 07 අධිකරණය නියෝග කර තිබෙනවා. සැකකාර රියදුරා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදාන සංඝරාජ මාවතේදීයි. කොළඹ සිට කුරුණෑගල දක්වා මාර්ග අංක 05 ඔස්සේ ධාවනය වූ අදාළ ලංගම බස් රථය පරීක්ෂා කිරීම සදහා මරදාන පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් සංඥා කර තිබියදී … බීමත්ව ලංගම බස් රථයක් පැදවූ රියදුරෙකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කෙරේ
රුසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “රොටුඹ අමිල” නමැත්තා අද දිනයේදී මෙරටට රැගෙන ඒමට නියමිත බව වාර්තා වනවා. දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටි මෙම සැකකරු පසුගිය වසරේදී රුසියානු ආරක්ෂක අංශ විසින් එරටදී අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරුව රුසියානු ආරක්ෂක අංශ සමඟ සම්බන්ධ වෙමින්, … රුසියාවේදී කොටු වූ පාතාලයේ රොටුඹ අමිල අද දිවයිනට
මෙරට වෛද්‍යවරුන් නොවන පුද්ගලයින් 40,000ක් පමණ ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවල නිරත වන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනැන්ඩු මහතා පවසනවා. ඔවුන් අතර කිසිදු වෛද්‍ය සුදුසුකමක් නොමැතිව ඖෂධ අලෙවිසැල්වල සේවය කිරීමෙන් ලබාගත් දැනුම මත රෝගීන්ට ඖෂධ ලබාදෙන පුද්ගලයින්ද සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ. එවැනි පුද්ගලයින් විසින් ප්‍රතිජීවක ඖෂධ ලබාදීම බරපතළ ගැටලුවක් බවත්, … වෛද්‍යවරුන් නොවන 40,000ක් තැන තැන ප්‍රතිකාර මධ්‍යස්ථානවල – රෝගින් අනතුරේ හෙළන භායනක ජාවාරම ගැන අලුත්ම හෙළිදරව්වක්