Nishan Neth News

හෂීෂ් තොගයක් සමග තායිලන්ත රියදුරන් තිදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් පන් කෝටි දස ලක්ෂයක් පමණ වටිනා ” හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින්. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තායිලන්ත ජාතික රියැදුරන් වන බවයි කටුනායක ගුවන් තොටුපොල නෙත් නිවුස් නියෝජිත ටී කේ ජි කපිල පැවසුවේ. සැකකරුවන් තායිලන්තයේ … හෂීෂ් තොගයක් සමග තායිලන්ත රියදුරන් තිදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

වැලිගමින් සොයාගත් හෙරොයින් තොගය කාගේද?

වැලිගම, කප්පරතොට මුහුදු ප්‍රදේශයේ තිබී සොයාගත් හොරොයින් තොගය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලීසිය පවසනවා. අදාළ ප්‍රදේශයේ උර තුනක සගවා තිබූ කිලෝග්‍රෑම් 100කට අධික එම හෙරොයින් තොගය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ. එම බලකායට ලද තොරතුරක් මත සිදුකළ … වැලිගමින් සොයාගත් හෙරොයින් තොගය කාගේද?

යෝෂිතට නාවික හමුදාවෙන් ගෙවූ මුදල අධිකරණයේදී හෙළි වෙයි

යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කළ කාල වකවානුව තුල වැටුප් ලෙස රුපියල් පනස් එක් ලක්‍ෂ පනස් දහස් හයසිය විසි හයක පමණ මුදලක් ගෙවා තිබූ බව කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය වුණා. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් අද විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි … යෝෂිතට නාවික හමුදාවෙන් ගෙවූ මුදල අධිකරණයේදී හෙළි වෙයි

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීමට දින දෙයි

සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා. මෙම පෙත්සම් අද අභියාචනාධිකරණ විනිශ්චකාරවරුන් වන අමල් රණරාජා, මහෙන් ගොපල්ලව … ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීමට දින දෙයි

වැලිගමදී හෙරොයින් කිලෝ 100 ක් සොයා ගැනේ

වැලිගම, කප්පරතොට මුහුදු ප්‍රදේශයේ තිබී හොරොයින් කිලෝග්‍රෑම් 100 කට අධික තොගයක් සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී එම හෙරොයින් තොගය සොයාගත් බවයි. සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්ඩංගුවට ගෙන නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය … වැලිගමදී හෙරොයින් කිලෝ 100 ක් සොයා ගැනේ

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සලසන්න නාවික හමුදාව සීරුවෙන්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා ආපදා සහන කණ්ඩායම් 171ක් සූදානම් කර ඇති බව නාවික හමුදාව පවසනවා. ඉන් කණ්ඩායම් පහක් මධ්‍යම සහ සබරගමුව පළාත් තුල මේ වනවිටත් ස්ථානගත කර ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. ඒ අනුව එම කණ්ඩායම් නාවලපිටිය, ගම්පොළ සහ රත්නපුර ප්‍රදේශවල ස්ථානගත කර තිබෙනවා. මේ … අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සලසන්න නාවික හමුදාව සීරුවෙන්

හලාවත රෝහලට ආ කාන්තාවකගේ රන් මාලය කොල්ලකයි

හලාවත මහ රෝහලේ අක්‍ෂි සායනයක් සදහා පැමිණි කාන්තාවකගේ ගෙල බැදි රන් මාලය කිසියම් පුද්ගලයෙකු විසින් කොල්ලකා පලා ගොස් තිබෙනවා. සිය සැමියා සමග අක්‍ෂි සායනයට පැමිණි එම කාන්තාව කොළ කැද පානය කිරීම සදහා රෝහල ඉදිරිපිටට පැමිණි අවස්ථාවේ මෙලෙස රන් මාලය කොල්ලා ඇති බවයි නෙත් නිවුස් නියෝජිත ජූඩ් සමන්ත පැවසුවේ. අවට සිටි පිරිස සැකකරු පසුපස හඹා ගියද … හලාවත රෝහලට ආ කාන්තාවකගේ රන් මාලය කොල්ලකයි

කළු මුහුදේ බල්ගේරියානු වෙරළ ආසන්නයේ දී නෞකා දෙකකට ඩ්‍රෝන ප්‍රහාර

කළු මුහුදේ බල්ගේරියානු වෙරළ ආසන්නයේ දී නෞකා දෙකක් ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙනවා. ප්‍රහාරයෙන් නෞකා දෙකටම හානි සිදුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එක් නෞකාවක් සම්පූර්ණයෙන්ම පාහේ මුහුදේ ගිලී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්. ප්‍රහාරයට ලක්වු නෞකා දෙකෙන් එකක් යුක්‍රේන හිමිකාරීත්වය සහිත, මෝල්ටා ධජය යටතේ යාත්‍රා කළ චෙල්සි 3 බවද විදෙස් … කළු මුහුදේ බල්ගේරියානු වෙරළ ආසන්නයේ දී නෞකා දෙකකට ඩ්‍රෝන ප්‍රහාර

සතොස පාඩු ලබන බවට පැතිර යන ප්‍රචාරයන්ට ඇමති උත්තර දෙයි

වත්මන් ආණ්ඩුව යටතේ සතොස පාඩු ලබන බවට කෙරෙන ප්‍රකාශ අසත්‍ය බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වසරට සාපේක්‍ෂව මේ වසරේ දී ලංකා සතොස ලාභ ලබා ඇති බවයි. “සාකච්ඡාවට අරන් තියෙන්නේ ලංකා සතොසේ පාඩුව ගැන, නේද? හරියට වසන්ත සමරසිංහ ඇවිල්ලා පාඩුව කරා වගේ තමයි තියෙන්නේ, රවීන්ද්‍ර ප්‍රනාන්දුත් නෙමෙයි තියෙන්නේ. හැබැයි ලංකා සතොස … සතොස පාඩු ලබන බවට පැතිර යන ප්‍රචාරයන්ට ඇමති උත්තර දෙයි