Sunday, April 28, 2024

General line - 0115112241

මී මුරේ නවතම කැනීම්වලින් ඉතිහාසය වෙනස් වෙයි ද?




මී මුරේ ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන නවතම ගවේෂණය හරහා මෙරට ඉතිහාසය පිළිබඳ නව පරිච්ඡේදක් විවර වනු ඇතැයි පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.

ඔහු කියා සිටියේ මීට වසර 4,000කට පමණ පෙර කඳුකරයේ ජීවත් වූ ජනතාව සංස්කෘතිමය වශයෙන් දියුණු තත්ත්වයක සිටි බවට මේවන විට සාක්ෂි අනාවරණය වෙමින් ඇති බවයි.

එම ජන කොට්ඨාශය වළං සෑදිම සහ යකඩ උණුකර කටයුතු සිදු කර ඇති බවට පැහැදිලි සාක්ෂි ලැබී ඇතැයි පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.

ඔහු මෙම කරුණු අනාවරණ කළේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ අන්ලිම්ටඩ් හිස්ටි්‍ර වැඩසටහනට එක් වෙමින්.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසුවේ මී මුරේ ප්‍රදේශය ආශ්‍රිතව සමූහ මිනී වළක් ඇති බවට සාක්ෂි ලැබී ඇති බවයි.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.