Monday, April 29, 2024

General line - 0115112241

ප්‍රතිලාභ හිමි අඩු ආදායම්ලාභීන් පිරිසකට රජයෙන් දැනුම්දීමක්




නව ගෙවීම් ක්‍රමවේදයක් සකසන තෙක් අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන යටතේ වකුගඩු රෝගී, ආබාධිත සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනා නොවෙනස්ව පෙර පැවති පරිදි පුද්ගලයින් හය ලක්ෂ 47,683 දෙනෙකුට ගෙවීම සඳහා ප්‍රතිපාදන වෙන්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ අදාළ ගෙවීම් සිදුකිරීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ. පොරොත්තු ලේඛණයට ඇතුලත්ව පුද්ගලයින් පන්ලක්ෂ 17,960 දෙනෙකු සඳහා වැඩිහිටි දීමනාව ගෙවීමට නියමිතයි.

පුද්ගලයින් 88,602 දෙනෙකුට ආබාධිත දීමනාවද, පුද්ගලයින් 41,119 දෙනෙකුට වකුගඩු රෝගී දීමනාවද ලබාදීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ.

ඒ අනුව ඉදිරියේදී වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මඟින්ද, ආබාධිත සහ වකුගඩු රෝගී දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින්ද ලබාගැනීමට හැකියාව පවතිනවා.