Monday, April 29, 2024

General line - 0115112241

ගිනි නිවිම් රථ 5 කට වැඩි ප්‍රමාණයක් යොමු කර පාලනය කරගත් හෝමාගම ගින්න




හෝමාගම කර්මාන්ත පුරයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාවක හටගත් ගින්න ඊයේ රාත්‍රි 11 යි 30 ට පමණ පාලනය කර තිබෙනවා.

ගින්න හටගත්තේ රාත්‍රි 8 යි 30 ට පමණයි. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයන්ට අමතරව යුද, ගුවන්, නාවික සහ පොලිස් නිලධාරීන් 300 කට ආසන්න පිරිසක් එක්ව සිටියා.


ගිනි නිවිම් රථ 5 කට වැඩි ප්‍රමාණයක් යොමු කර තිබුණේ කෝට්ටේ, දෙහිවල සහ හොරණ යන  මහ නගර සභා විසින්. ගින්න පාලනය කිරීමට යුද හමුදාව සහ ගුවන් හමුදා ජල බවුසර් ද අදාළ ස්ථානයට යොමු කර තිබුණා. ඒ අනුව ගින්න පාලනයට ජල බවුසර් 6 ක් යෙදවු අතර තවත් අතිරේක බවුසර් 3 ක් අදාළ කර්මාන්ත ශාලාවට යොමු කර තිබු අයුරු ද දැක ගත හැකි වුණා.


ගින්න පාලනයට පළමුව කර්මාන්ත ශාලාවේ ගොඩනැගිලි තුළට ඇතුළු වූයේ රසායනික ද්‍රව්‍ය පිළිබඳ සහ ගිනි නිවිම් පිළිබඳ විශේෂ පුහුණුව ලත් යුද හමුදා කණ්ඩායමක්. ගිනි නිවිම්  භටයින් ද ගින්න පාලන කටයුතු වල නිරත වද්දි එම කර්මාන්ත ශාලාව අවට ඇති කර්මාන්ත ශාලාවලින් සහ ප්‍රදේශවාසින් එම කටයුතු වලට සහාය දැක්වුවා. එම අවස්ථාවේ ප්‍රදේශයේ පැවති රථ වාහන තදබදය  පාලනයට පොලිසිය සහ යුද හමුදාව කටයුතු කළා. 

පසුව එකවරම හෝමාගම ප්‍රෙද්ශයට තද වර්ෂාවක් ඇඳ හැළුණාග එය මිනිත්තු 15 ක් පමණ පැවති අතර ගින්න පාලනයට එයද රුකුලක්වූ බවයි ගිනි නිවිම් භටයන් නෙත් නිවුස් වෙත පැවසුවේ. ආරක්ෂිත පියවරක් ලෙස ගින්න හටගත් අවස්ථාවේ එම ප්‍රදේශයේල විදුලි සැපයුම විසන්දි කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කළා. කර්මාන්ත ශාලාවේ ගින්නට හසු වු කොටස් වායු ගෝලයට එක්වි හෝමාගම අවට ප්‍රදේශ වලට පතිත වී ඇති අයුරු දැකගත හැකි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.


ගිනිගත් ප්‍රෙද්ශය නැරඹීමට අද දිනයේ පැමිණීමෙන් වළකින ලෙසටයි බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ. කෙසේවෙතත් ගින්න හේතුවෙන් බරපතල මට්ටමේ අවදානමක් නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි නෙත් නිවුස් වෙත කියා සිටියා.


හෝමාගම අවට ප්‍රෙද්ශවාසීන්ගෙන් ආපදා කළමනාකරණ ඒකකය දැනුම්දෙන්නේ මුව ආවරණ අනිවාර්්‍යෙයන්ම පැළද සිටින ලෙසයි. ගින්න හේතුවෙන් මතුවිය හැකි ස්වසන ආබාධ අවම කර ගැනීම සදහා මෙම පියවර අනුගමනය කරන ලෙසටයි වැඩිදුරටත් දැනුම්දෙන්නේ. මේ, කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ වින්ග් කමාන්ඩර් ඩීගජයවීර.

 

ඊයේ රාත්‍රියේ ගින්නක් හටගත් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන කර්මාන්ත ශාලාව පිහිටි හෝමාගම කර්මාන්ත පුරයේ වර්තමාන තත්ත්වය පිළිබද තොරතුරු දැනගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු නිශාන් කාලිංග.


ආයුබෝවන් නිශාන්.


ස්තූතියි නිශාන්.


ගින්නෙන් කර්මාන්ත ශාලාවට දැඩි හානි සිදුව ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී  නැහැ. කෙසේවෙතත් ගින්න හේතුවෙන් කිසිවකුටත් හානි සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.