Thursday, November 30, 2023

General line - 0115112241

නිවෙස් තුළ එල් පී ගෑස් ආරක්ෂිතව භාවිතය ගැන පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක්




නිවෙස් තුළ එල් පී ගෑස් ආරක්ෂිතව භාවිත කිරීම සහ ඒ පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ආරම්භකර තිබෙනවා.

එම වැඩසටහන නම් කර ඇත්තේ “හෙට සුරකින අපේ ළමයි” ලෙසයි. 

දිවයිනේ පාසල් 264 ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති එම වැඩසටහන මඟින් සිසුන් දැනුවත් කීරිම සහ සවිබල ගැන්වීම තුලින් එල් පී ගෑස් ආරක්ෂිතව භාවිත කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.

අදාළ වැඩසටහන යටතේ එල් පී ගෑස් සහ එහි ප්‍රතිලාභ පිළිබඳ උසස් පෙළ සිසුන් සහ ඔවුන්ගේ මව්පියන් සහ පවුල්වල සමාජිකයින් දැනුවත් කිරීමටද අපේක්ෂා කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවා.

සිසුන් දැනුවත් කිරීම පමනක් නොව එල් පී ගෑස් භාවිතයේ ඇති වාසි පිළිබඳ දැනුම පුළුල් පාරිභෝගික පිරිසක් වෙත බෙදා හැරීමටද එමඟින් අපේක්ෂිත බවයි ඔහු පැවසුවේ. 

එම වැඩසටහන සඳහා පාසල් සිසුන්ගේ සහභාගිත්වය දිරිමත් කිරීම සහ ඒ සඳහා ඔවුන්ගේ උත්සහය අගය කිරීම උදෙසා “හෙට සුරකින අපේ ළමයි” වැඩසටහන මඟින් විවිධ සම්මාන සහ ත්‍යාග පිරිනැමීමට ද ලිට්‍රෝ සමාගම සැලසුම් කර තිබෙනවා.