Sunday, April 28, 2024

General line - 0115112241

සිඬාලේප ආයුර්වේද ආයතනයට රන් සම්මානයක්




දේශීය වෛද්‍ය ව්‍යවසායකත්ව රන් සම්මාන උළෙලේදී හෙට්ටිගොඩ ඉන්ඩස්ටී්‍රස් පුද්ගලික සමාගම 2023 වසරේ දේශීය වෛද්‍ය ව්‍යවසායකත්ව ගෞරවනීය රන් සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

මීට අමතරව 2023 වසරේ හොඳම ආයුර්වේද නිෂ්පාදක රන් සම්මානයද හිමි වූයේ  හෙට්ටිගොඩ ඉන්ඩස්ටී්‍රස් පුද්ගලික සමාගමටයි.

සිඬාලේප ආයුර්වේද රෝහල 2023 වසරේ හොඳම ආයුර්වේද රෝහල සඳහා වන රන් සම්මානය මෙහිදී දිනා ගත්තා.

2023 වසරේ හොඳම සාමූහික සුවතා සේවා සපයන්නා සඳහා වන රිදී සම්මානය මෙහිදී හිමි වූයේ සිඬාලේප ආයුර්වේද නිවාඩු නිකේතනයටයි.

සිඬාලේප ආයුර්වේද ආයතනය මේ වසරේ අනූ වන සංවත්සරයද සමරනවා.