ලොව පුරා පුද්ගලයින් මිලියන 800ක් කුසගින්නේ පසුවද්දී දිනකට ආහාර වේල් බිලියනයකට වැඩි ප්‍රමාණයක් මිනිසුන් අපතේ හරින බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවක් අනාවරණ කරන්නේ ගෘහස්ථ ආපනශාලා සහ ආහාර සේවාවලදී වැඩිම ආහාර නාස්තියක් සිදු වන බවයි.
මිනිසුන්ට ලබා ගත හැකි ආහාරවලින් පහෙන් එකක් නාස්ති වන බව එම වාර්තාවේ සඳහන්.
2022 වසරේ ආහාර මෙට්‍රික් ටොන් බිලියන 01යි දශම බින්දුවයි 05ක් අපතේ යවා තිබෙනවා.
ඉන් මෙට්‍රික් ටොන් මිලියන 631ක් අපතේ යවා ඇත්තේ නිවාස ආශ්‍රිතවයි.
එය සමස්ථ නාස්තියෙන් සියයට 60ක්.
ගොවිපළේ සිට වෙළඳපොළට පැමිණෙන ක්‍රියාවලියේ ආහාරවලින් සියයට 13ක් අපතේ යනවා.
නිෂ්පාදන ක්‍රියාවලියේදී සමස්ථයක් ලෙස ආහාරවලින් තුනෙන් එකක් අපතේ යන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නවතම වාර්තාවේ දැක්වෙන්නේ.
ඒ අනුව සාමාන්‍ය පුද්ගලයෙකු සෑම වසරකම ආහාර කිලෝග්‍රෑම් 79ක් අපතේ යවනවා.