Sunday, April 28, 2024

General line - 0115112241

තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 10දෙනෙකු පොලිස් අත්අඩංගුවට




තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 10දෙනෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බස්නාහිර හා දකුණු පාළාත් මූලික කරගෙන ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා ක්‍රියාත්මක කෙරෙන විශේෂ මෙහෙයුමේදීයි.

කොටහේන, දෙමටගොඩ, කෙසෙල්වත්ත, වැල්ලම්පිටිය, පානදුර, රත්මලාන, අම්බලංගොඩ, මොදර, ගම්පහ යන ප්‍රදේශවල සිදුකල මෙහෙයුම්වලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවා.

පසුගිය 19වන දා ආරම්භ කරන ලද මෙම විශේෂ මෙහෙයුම යටතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 171දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.