මහ සිකුරාදා සහ පාස්කු ඉරිදා දේව මෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන ඇතුළුව කතෝලික දේවස්ථාන 2,253ක් ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය පවසනවා.
ඒ වෙනුවෙන් පොලිසි නිලධාරින් 6,837 දෙනෙකු අනියුක්ත කර ඇති බවයි අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.
එමෙන්ම විශේෂ දැනුම් දීමක් ඇත්නම් 118, 119, 1927 යන දුරකථන අංක ඔස්සේ ජනතාවට පොලිසිය දැනුවත් කිරීමට අවස්ථාව පවතින බවද ඔහු ප්‍රකාශ කළා.
එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.