Thursday, May 2, 2024

General line - 0115112241

චීන වැසියන් පකිස්තානය හැර යයි




පකිස්තානය තුළ සිටින චීන වැසියන් රට හැර යාමේ ප්‍රවණතාවක් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා.

පකිස්තානය තුළ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායම් විසින් චීන වැසියන් ඉලකක් කර එල්ල කරන ප්‍රහාර ඉහළ යාම හමුවේ මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි පැවසෙන්නේ.

එවැනි ප්‍රහාර පාකිස්තානයේ සිටින  චීන ජාතිකයින් එහි සිටීම නැවත සලකා බැලීමට හේතු වී තිබෙනවා.

බොහෝවිට එම සන්නද්ධ කණ්ඩායම් විසින් ඉල්කක කරන්නේ පකිස්තානයේ ක්‍රියාත්මක චීන ව්‍යාපෘතිවල නිරත ඉංජිනේරුවන්.

පකිස්තානයේ බිෂාම් හි ඉකුත් දා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස පකිස්තානයේ ක්‍රියාත්මක චීන ව්‍යාපෘති කිහිපයක ඉදිකිරීම් අත්හිටුවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව චීන ඉංජිනේරුවන් 991 දෙනෙකු පමණ රට හැර යාමට සූදානමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බලෝකිස්තාන ප්‍රධාන අමාත්‍ය සර්ෆරාස් බුග්ටි පැවසුවේ චීන ජාතිකයින් 982 දෙනෙකු දැනට බලෝකිස්තානය තුළ විවිධ චීන ව්‍යාපෘති හතක පෞද්ගලික අංශයන් සමඟ සම්බන්ධ වී සිටින බවයි.

එම චීන ජාතිකයින් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් 5,690 ක් පමණ අනුයුක්ත කර ඇතැයි ද බව ඔහු සඳහන් කළා.

ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අවධානම හමුවේ පකිස්තානය තුළ සිටි චීන ගුරුවරුන් 40 දෙනෙකු පමණ මේවනවිටත් රටින් පිටව ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසනවා.