Monday, May 6, 2024

General line - 0115112241

ටික්ටොක් තහනම් යෝජනාව අමෙරිකානු ජනපති අතට




ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ තීරණාත්මක යෝජනාවට අමෙරිකානු සෙනෙට් මණ්ඩලය අත්සන් තබා තිබෙනවා.

එය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෙත භාරදී ඇති අතර ඔහු අත්සන් කළහොත් එම යෝජනාව නීතියක් බවට පත්වනු ඇතියි.

ජෝ බයිඩන් මීට පෙර පවසා තිබුණේ ටික්ටොක් තහනම් කිරීමේ යෝජනාවක් තමන් වෙත ලැබුනහොත් ඊට අත්සන් තබන බවයි.

නව යෝජනාවට අනුව ටික්ටොක් අයිති සමාගමට සිය කොටස් වෙන්දේසි කිරීම සඳහා මාස 09ක කාලයක් ලබාදෙන අතර එසේ නොකළහොත් අමෙරිකාව තුළ ටික්ටොක් තහනම් වනු ඇතියි.

මේ වන විට ටික්ටොක් සමාජ මාධ්‍ය පරිහරණය කරන අමෙරිකානුවන් සංඛ්‍යාව මිලියන 170ක්.

තහනම හමුවේ ව්‍යාපර මිලියන 07කට බලපෑම් වනු ඇති බවත් අමෙරිකාවට වාර්ෂිකව ඩොලර් බිලියන 24ක් අහිමි වන බවත් ටික්ටොක් අයිති සමාගම පවසා තිබෙනවා.