Friday, May 17, 2024

General line - 0115112241

මැයි රැළි ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්




ලෝක කම්කරු දිනය වෙනුවෙන් හෙට දින පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලි, රැස්වීම් සහ සැමරුම් උත්සව සඳහා ඩ්‍රෝන යානා භාවිතා කිරීම සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය මඟින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, හෙට දින පවත්වන මැයි දින පෙළපාලි, රැළි හා සැමරුම් උත්සව ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ඡායාරූප හා වීඩියෝගත කිරීමේ කටයුතු සිදුකරන්නේ නම් ඒ සඳහා නිසි අවසර ලබාගත යුතු බව දන්වමින්.

අනවසරයෙන් මැයි දින පෙළපාලි, රැළි හා සැමරුම් උත්සව කටයුතු ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් වන අතර මෙය දිවයින පුරා පැවැත්වෙන සියලුම මැයි රැළි සඳහා අදාළ වන බවත් එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වනවා.

අනවසරයෙන් ඩ්‍රෝන යානා භාවිත කරන්නන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.