Friday, May 17, 2024

General line - 0115112241

හෙට මැයි රැළි වෙනුවෙන් සියල්ල සූදානම්.




හෙට දිනයට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ සංවිධානය කරන මැයි රැළි සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

වේදිකා සකස් කිරීම අද පස්වරුවේ සිටම ආරම්භ කළ අතර කොළඹ නගරයට ඇදහැළෙන අධික වර්ෂාව මධ්‍යයේ ද කටයුතු සිදු වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ සිය මැයි රැළියට දිගින් දිගටම බාධා එල්ල වූ බවයි. 


හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ වැඩ කරන ජනතාවට ස්තුති කිරීමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂය සිය මැයි රැළිය පවත්වන බවයි. 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මෙලෙස අදහස් පළ කළා.


මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ කිසිදු දේශපාලන පක්ෂයකට මුදල් ගෙවීමකින් තොරව බස් රථ ලබා නොදෙන බවයි. 


මෙවර මැයි දිනය වෙනුවෙන් දිවයින පුරා රැලි සහ පෙළපාලි පොලිස් කොට්ඨාස 19ක පොලිස් වසම් 35ක් අවරණය වන පරිදි සංවිධානය කර තිබෙනවා.

සංවිධානය වන රැලි සහ පෙළපාලි සංඛ්‍යාව 40ක්. මැයි පෙළපාලි නොමැතිව මැයි රැලි 19ක් ද පැවැත්වීමට නියමිතයි.

මැයි දින පෙළපාලි 21ක් පැවැත්වීමටද සැලසුම් කර තිබෙනවා.

සංවිධාන කර ඇති මැයි දින සැමරුම් උත්සව සංඛ්‍යාව 19ක්.

එක්සත් ජාතික පක්ෂය සිය මැයි දින රැලිය පී ඩී සිරිසේන ක්‍රීඩාංගනය ඉදිරිපිට පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය මැයි රැලිය පවත්වන්නේ කැම්බල් ක්‍රීඩාංගනයේදියි.

සමගි ජන බලවේගය පහළ චැතැම් වීදිය ආශ්‍රිතවද ජාතික ජන බලවේගය කන්නංගර මාවතේ උපාලි හෝටලය ඉදිරිපිටද සිය මැයි රැලිය සංවිධානය කර තිබෙනවා.