Saturday, May 4, 2024

General line - 0115112241

අමෙරිකාව සමග සියලු සබඳතාවලින් ඉරානය ඉවත් වීමට සූදානම්

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාව සමග යුද්ධයක් හෝ වෙනත් කිසිඳු අයුරක සම්බන්ධයක් ඇති කර ගැනීම අවශ්‍ය නොවන බව ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි පවසනවා.

ඉරානය සමග සාකච්ඡාවකට සූදානම් බවට අමෙරිකාව කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් එරට විදේශ කටයුතු අමාත්‍යවරයා සිදු කළ විමසීමකදීයි ආධ්‍යාත්මික නායකයා මේ බව පවසා ඇත්තේ. අමෙරිකාව ඉරානයට ගෙන එන්නේ පීඩනය සහ භීෂණය පමණක් බවයි ආධ්‍යාත්මික නායකයා වැඩිදුරටත් පවසා ඇත්තේ.