Nishan Neth News

ශිරන්ති රාජපක්ෂ රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඊට අමතරව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් ඇප මත මුදා හරින ලෙසත් නියම කෙරුණා. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ … ශිරන්ති රාජපක්ෂ රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් ප්‍රදීප් කාරියවසම් ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් රාජ්‍ය බැංකුවක හිටපු සභාපතිවරයෙකු වූ ප්‍රදීප් කාරියවසම් මහතා ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.      

අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ඇය  අත්අඩංගුවට ගනු ලැබුවේ  සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂණයකට අදාලවයි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව  … අත්අඩංගුවට ගත් ශිරන්ති රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි

ත්‍රස්ත ප්‍රහාරයෙන් Fly Dubai යානය බේරාගත් වීර නියමුවාට ඊශ්‍රායලයෙන් තවත් තෑග්ගක්

පැහැර ගැනීමට උත්සහ කෙරුණූ ෆ්ලයි ඩුබායි ගුවන් යානය එහි ගමන කරමින් සිටි මගීන් සිය ගණනක් ද සමග දිවි පරදුවට තබා බේරාගත් ඉන්දීය ගුවන් නියමු කැප්ටන් ස්මිට් මච්චාර්ට තවදුරටත් ප්‍රශංසා ලැබෙමින් තිබෙනවා. ගෞරවනීය අමුත්තකු ලෙස ඊශ්‍රායලයට පැමිණෙන ලෙස එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඔහුට ඇරයුම් කර ඇති බවයි නවතම විදෙස් වාර්තා පැවසුවේ. ලබන වසරේ මැයි මස පැවැත්වෙන … ත්‍රස්ත ප්‍රහාරයෙන් Fly Dubai යානය බේරාගත් වීර නියමුවාට ඊශ්‍රායලයෙන් තවත් තෑග්ගක්

2026 ලෝකයේ හොඳම මලල ක්‍රීඩකයා සම්මානයට රුමේෂ් තරංගත් නිර්දේශ වෙයි

ශ්‍රී ලංකාවේ ඔලිම්පික් රන් බලාපොරොත්තුව – හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග 2026 වසරේ ලොව හොදම මලල ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වී තිබෙනවා. මෙම සම්මානය සදහා වූ නිර්දේශිත අවසන් ක්‍රීඩකයන් 10 දෙනා ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් අද ප්‍රකාශයට පත් කෙරුණ අතර රුමේෂ් තරංග ද ඔවුන්ගෙන් කෙනෙක්. වසරේ ලොව හොදම මලල ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වූ පළමු ශ්‍රී ලාංකිකයා … 2026 ලෝකයේ හොඳම මලල ක්‍රීඩකයා සම්මානයට රුමේෂ් තරංගත් නිර්දේශ වෙයි

ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂණයකට අදාලවයි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සදහා අද උදෑසන කිරුළපන පිහිටි ඇගේ නිවසට ගොස් තිබෙනවා. එහිදී … ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට

අනෙක් ෂෙඩ්වල තෙල් අඩු නිසා සිපෙට්කෝ ෂෙඩ්වල පෝලිම් – අවම තොග පවත්වාගෙන යන්නැයි පෞද්ගලික ඉන්ධන සමාගම්වලට දැනුම්දීමක්

පෞද්ගලික සමාගම් තුනට අයත් ඉන්ධන පිරවුම්හල්වල තවදුරටත් පෝලිම් දක්නට ලැබෙන බව නෙත් නිවුස් නියෝජිතයින් පවසනවා. මෙරට ඉන්ධන සපයන පෞද්ගලික සමාගම් තුන ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබීම ඊට හේතුවි තිබෙනවා. ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඇතැම් පිරවුම්හල්වල ද දැන් පෝලිම් දක්නට ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයන් පැවසුවේ. උද්ගතව ඇති ඉන්ධන ගැටළුව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද … අනෙක් ෂෙඩ්වල තෙල් අඩු නිසා සිපෙට්කෝ ෂෙඩ්වල පෝලිම් – අවම තොග පවත්වාගෙන යන්නැයි පෞද්ගලික ඉන්ධන සමාගම්වලට දැනුම්දීමක්

ඥානසාර හිමිගේ සිවුරු ගැලෙව්වාට කෝට්ටේ සංඝ සභාවේ අප්‍රසාදය

ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට අදාළ නඩුව ලබන 23 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුකරය කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ අද කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී වරෙන්තුව මත අත්අඩංගුවට ගන්නා ලද ඥානසාර හිමියන්ව ගිහි ඇඳුමින් වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් … ඥානසාර හිමිගේ සිවුරු ගැලෙව්වාට කෝට්ටේ සංඝ සභාවේ අප්‍රසාදය

ආඩිගමට මත්ද්‍රව්‍ය බෙදූ සැකකරුවෙකු අත්අඩංගුවට

ආඩිගම ප්‍රදේශයේ තරුණයින් ඉලක්ක කර ගනිමින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ සැකකරුවෙකු ආණමඩුව පොලීසියේ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අඩිගම නගරයේදීයි. සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 11,200 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 12,000 ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු ආඩිගම -බුද්ධිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි … ආඩිගමට මත්ද්‍රව්‍ය බෙදූ සැකකරුවෙකු අත්අඩංගුවට