Nishan Neth News

තෙමහල් නිවසක් කුලියට අරන් DJ චතූ ගහපු ගේම් ටික එළියට

මත්ද්‍රව්‍ය ඇසුරුම්කර බෙදාහැරී සහ මත්ද්‍රව්‍ය පැකට් කිරීම සඳහා විවිධ ලාංඡන මුද්‍රණය කළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘DJ චතූ‘ නමැත්තා කුලී පදනම මත පදිංචිව සිටි පානදුර, නල්ලූරුව ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී තෙමහල් නිවසක් පොලීසිය වටලා තිබෙනවා. එම නිවස තුළ තිබී හොරොයින් තොග වශයෙන් සැපයීමේදී සාම්පල් පෙන්වීම සඳහා සකස් කළ කුඩා පැකට් 5ක්, එම මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීම … තෙමහල් නිවසක් කුලියට අරන් DJ චතූ ගහපු ගේම් ටික එළියට

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පෙරවරුවේ සිටම මහ සෙනගක් – නෙත් කුටියත් පාඨකයන්ගෙන් පිරෙයි

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 27 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දෙවන දිනටත් මේ වනවිට ක්‍රියාත්මකයි. අද පෙරවරුවේ සිටම පාඨකයන් බොහෝ පිරිසක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පැමිණෙමින් සිටිනවා. මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝව වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. අවශ්‍යතා සහිත පාසල් දරුදැරියන්ට පොත් පත් පරිත්‍යග කිරීමට මෙවරත් ප්‍රදර්ශණ භූමියේ ඇති … කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පෙරවරුවේ සිටම මහ සෙනගක් – නෙත් කුටියත් පාඨකයන්ගෙන් පිරෙයි

අනවසරයෙන් මැණික් ගැරූ හත් දෙනෙකුට වැඩ වරදී

බලපත්‍රයක් නොමැතිව බගවන්තලාව, කෙසෙල්ගමුඔය රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරූ සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බගවන්තලාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි. එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක්. ඔවුන්ගෙන් කිහිප දෙනෙකු මීට පෙරද අනවසරයෙන් මැණික් ගරා ඇති බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවත් පොලිසිය පැවසුවා.

CNN මාධ්‍යයට ට්‍රම්ප් ආයෙත් එරෙහි වෙයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සංචාරයක් සදහා එක්වීමට නියමිතව තිබූ නිල ගුවන් යානය වන ‘එයාර් ෆෝස් වන්‘ වෙත සී.එන්.එන් මාධ්‍යවේදීන් ඇතුළත් කරගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ටෙනසි ප්‍රාන්තයේ පැවැත්වෙන ඇමරිකානු පාපන්දු තරගයක් නැරඹීමට ට්‍රම්ප් එලෙස ගුවනින් යාමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලැයිස්තුවෙන් සී.එන්.එන් නාලිකාව ඉවත් කිරීමට ධවල මන්දිරය පියවර ගෙන ඇති … CNN මාධ්‍යයට ට්‍රම්ප් ආයෙත් එරෙහි වෙයි

වෙහෙර විහාරස්ථාන සැදැහැවතුන්ගෙන් පිරී යයි

බිනර පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථානවල අද උදෑසන කාලයේ සිටම සීල සමාදාන සහ විවිධ ආගමික වැඩසටහන් පැවැත්වෙනවා. ඒ අනුව සැදැහැවතුන් බොහෝ පිරිසක් මේ වනවිටත් වෙහෙර විහාරස්ථානවල එම කටයුතුවල නිරත වෙමින් සිටින බවයි නෙත් නිවුස් නියෝජිතයන් පැවසුවේ. මේ අතර, නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා වැඩසටහන අද පැවැත්වෙන්නේ ගම්පහ, උඩුගම්පල, පෙතියාගොඩ, … වෙහෙර විහාරස්ථාන සැදැහැවතුන්ගෙන් පිරී යයි

තවත් දරුණු ගුවන් අනතුරක් – ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකුත් ජීවිතක්ෂයට

කොංගෝ ජනරජයේ සිදුවූ දරුණු ගුවන් අනතුරකින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොංගෝ හමුදාවේ අධිකරණ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් මුටොම්බෝ කටාලයි සහ සන්නද්ධ හමුදා විගණන ප්‍රධානී ලුතිනන් ජෙනරාල් බකුමි ලිකුලියා මියගිය ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනා වන බවයි. කොංගෝ හමුදාවද මේ බව නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. අනතුරට ලක්ව … තවත් දරුණු ගුවන් අනතුරක් – ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකුත් ජීවිතක්ෂයට

කොන්දේසි සපුරන්න – දින හතෙන් හෝමූස් අරින්නම් – ඉරාන විදේශ ඇමති අමෙරිකාවට කියයි

ගෝලීය තෙල් ප්‍රවාහනයට අතිශය තීරණාත්මක හෝමූස් සමුද්‍ර සන්ධිය සතියක් ඇතුළත නැවත විවෘත කිරීමට සූදානම් බව ඉරානය පවසනවා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්ච් නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, ඒ සඳහා වන යෝජනාවලිය කටාර් රාජ්‍යය මැදිහත්වී ඇමරිකාව වෙත භාරදී ඇති බවයි. අවශ්‍ය කොන්දේසි සපිරෙන්නේ නම්, පසුගිය ජූනි මාසයේදී අත්සන් තබන ලද … කොන්දේසි සපුරන්න – දින හතෙන් හෝමූස් අරින්නම් – ඉරාන විදේශ ඇමති අමෙරිකාවට කියයි

දරුවන් දෙදෙනෙකුට මරු කැදවූ දෙහිවල අත්බෝම්බයට ගෑවුනු තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

දෙහිවල පොලිස් වසමේදී නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල සහ කහතුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්. අදාළ අත් බෝම්බ ප්‍රහාරයට යොදාගත් ත්‍රීරෝද රථයක් සහ සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් … දරුවන් දෙදෙනෙකුට මරු කැදවූ දෙහිවල අත්බෝම්බයට ගෑවුනු තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

සාමාන්‍ය පෙළ නැවත සමීක්‍ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 වසරට අදාළව පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවේ එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන  www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බවයි. මෙම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් … සාමාන්‍ය පෙළ නැවත සමීක්‍ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ