Nishan Neth News

නාවික හමුදාව දැවැන්ත මෙහෙයුමක – ධීවරයන් 61 දෙනෙකු නීතියේ රැහැනට

නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 61 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ, ත්‍රිකුණාමලය පොල්මල්කුඩා, නීලක්කේණී, කෝනේෂ්වරම්, කොකනට් පොයින්ට් ඇතුළු වෙරළ හා මුහුදු ප්‍රදේශ කිහිපයක සිදුකළ මෙහෙයුමකදීයි. එහිදි ඩිංගි යාත්‍රා 18ක් හා තහනම් ධීවර ආම්පන්න ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. එම ධීවරයන් ඉදිරි නීතිමය කටයුතු සඳහා ඊච්චලම්පත්තු, කොඩ්බේ, මුලතිව්, මන්නාරම … නාවික හමුදාව දැවැන්ත මෙහෙයුමක – ධීවරයන් 61 දෙනෙකු නීතියේ රැහැනට

යුද හමුදා නිලධාරියෙකු ඝාතනය කළ වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට

මාතර, වල්ගම උතුර ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිසිය පැවසුවේ යුද හමුදා නිලධාරියෙකු අද අලුයම එලෙස ඝාතනය කර ඇති බවයි. ඔහු සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා අතර ඇති වූ බහින්බස්වීමක් දුර දිගයාමෙන් පසු වැඩිමහල් සහෝදරයා මෙම ඝාතනය සිදුකර තිබෙනවා. එහිදී ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 39 හැවිරිදි යුද හමුදා නිලධාරියෙක්. … යුද හමුදා නිලධාරියෙකු ඝාතනය කළ වැඩිමහල් සොහොයුරා අත්අඩංගුවට

ඉන්දියාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී හයක් ජීවිතක්‍ෂයට – තවත් 20 දෙනෙකුට තුවාල

ඉන්දියාවේ උත්තරාඛන්ඩ් ප්‍රාන්තයේ තෙහ්රි ගාර්වාල් දිස්ත්‍රික්කයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මගීන් 30ත් 35ත් අතර පිරිසක් රැගත් මෙම බස් රථය පාලමකින් පහළ මීටර් 100ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බවයි එරට පොලිසිය පවසන්නේ. අනතුර පිළිබඳ තොරතුරු ලැබුණු වහාම ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට ළඟා වී සිරවී සිටි මගීන් බේරා … ඉන්දියාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී හයක් ජීවිතක්‍ෂයට – තවත් 20 දෙනෙකුට තුවාල

උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට සැරසෙන වෘත්තිය සමිතිවලට ආණ්ඩුවෙන් පණිවිඩයක්

වසර විස්සක් පුරා නොවිසඳුණු රාජ්‍ය සේවයේ වැටුප් ගැටලු විසඳීමට ආණ්ඩුව මේ වන විටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසනවා. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති ආණ්ඩුවට අවස්ථාව ලබාදිය යුතු බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ. මෙවර අයවැයෙන් තම වැටුප් ගැටලු විසඳී නොමැති බවට වෘත්තීය සමිති රැසක් සිදු කරන චෝදනාවලට … උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට සැරසෙන වෘත්තිය සමිතිවලට ආණ්ඩුවෙන් පණිවිඩයක්

අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත අද අධිකරණයට

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් වෘත්තිය සමිති ක්‍රියාකරුවකු වන ආනන්ද පාලිත මහතා අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා. පැය හතකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහු ඊයේ අත්අඩංගුවට ගැණුනේ 2015 සිට 2019 වර්ෂය දක්වා කාල සීමාව තුල ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ අතිකාල දීමනා වංචා කිරිමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කෙරන … අත්අඩංගුවට ගත් ආනන්ද පාලිත අද අධිකරණයට

ඉතාලියේ ප්‍රධාන විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘතියකට ඉන්දියාවෙන් මුදල්

උසස් පර්යේෂණ හැකියාවන් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර විද්‍යාත්මක සහයෝගීතාව පුළුල් කිරීම අරමුණු කරගනිමින්, ඉතාලියේ ක්‍රියාත්මක ප්‍රධාන පෙළේ විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා යුරෝ මිලියන 7කට අධික මුදලක් ආයෝජනය කරන බව ඉන්දියාව නිවේදනය කර තිබේ. 2026–27 වසරේ සිට ආරම්භ වන පරිදි වසර පහක කාලයක් පුරා මෙම ආයෝජනය සිදු කෙරෙන අතර, එය ඉතාලියේ ‘ඉලෙට්‍රා සින්ක්‍රොට්‍රෝන් ට්‍රයිස්ටේ’ පර්යේෂණාගාරයේ ‘Elettra … ඉතාලියේ ප්‍රධාන විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘතියකට ඉන්දියාවෙන් මුදල්

ලාෆ්ස් ගෑස් මිල පහළට?

ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ එම සමාගමේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවේදී මිල අඩු කිරීම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බව වාර්තා වනවා. ඊයේ පැවති එම සාකච්ඡාවේදී ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැදවා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි. එම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබුණු … ලාෆ්ස් ගෑස් මිල පහළට?

කහවත්ත රෝහලේ ගින්නක්

කහවත්ත රෝහලේ පැරණි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ එම රෝහලේ අබලි භාණ්ඩ ගබඩා කර තිබූ පැරණි ගොඩනැගිල්ලක අද අලුයම 3.30 ට පමණ එම ගින්න හටගෙන ඇති බවයි. වහා ක්‍රියාත්මක වු රත්නපුර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය ගින්න මැඩපවත්වා තිබෙනවා. ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති අතර ගින්නට හේතුවද මෙතෙක් අනාවරණ වී නැහැ. සිද්ධිය … කහවත්ත රෝහලේ ගින්නක්

අයවැයෙන් දීමනා වැඩි කළේ රාජ්‍ය සේවකයින්ගෙන් සියයට 16කගේ පමණයි – විපක්ෂයෙන් චෝදනා

මෙවර අයවැයෙන් වැඩි කළ දීමනා හිමිවන්නේ රාජ්‍ය සේවකයින්ගෙන් සියයට 16කට පමණක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. අයවැය දෙවනවර කියවීමේ විවාදයේ තුන්වන දිනය වූ ඊයේ දිනයේ විවාදයට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. 2024 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ උදය සෙනෙවිරත්න කොමිටියේ තීරණයක් අරගෙන තිබ්බා 25 ජනවාරි, 26 ජනවාරි, 27 ජනවාරි … අයවැයෙන් දීමනා වැඩි කළේ රාජ්‍ය සේවකයින්ගෙන් සියයට 16කගේ පමණයි – විපක්ෂයෙන් චෝදනා