Nishan Neth News

රිමාන්ඩ් කළ නාමල්ට පාර්ලිමේන්තු යන්න අවස්ථාව

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්‍ෂ මහතාට මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවිම සදහා අවසර හිමිව තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කළ දැනුම්දීමකට අනුවයි. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය ලිඛිතව දැනුම් දී ඇත්තේ හෙටින් ඇරඹෙන මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට මන්ත්‍රීවරයා සහභාගි කරවන ලෙසයි. ඒ අනුව විශේෂ ආරක්‍ෂාවක් යටත් මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා එම පාර්ලිමේන්තු සැසිවලට සහභාගි … රිමාන්ඩ් කළ නාමල්ට පාර්ලිමේන්තු යන්න අවස්ථාව

අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට

පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් මඩකලපුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යටතේයි. අත්අඩංගුවට ගත් සුමනරතන හිමියන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගෙදරින් කෑම ගන්න නාමල් කළ ඉල්ලීමට බන්ධනාගාරයෙන් අවසර – ශිරන්ති සහ රෝහිතත් බන්ධනාගාරයට එයි

තුන්වේල සදහා නිවසේ ආහාර දෛනිකව ලබාගැනීමට තමන්ට අවසර ලබාදෙන්නැයි ඉල්ලා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ලිඛිතව ඉල්ලිමක් කර තිබෙනවා. ඒ අනුව මන්ත්‍රීවරයාගේ එම ඉල්ලීමට අවසර ලබාදුන් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ඕනෑම රැදවියෙකුට පිටතින් රැගෙන එන ආහාර ලබාගැනීමට අවසර හිමි වනවා. ඒ අනුව ලිඛිතව … ගෙදරින් කෑම ගන්න නාමල් කළ ඉල්ලීමට බන්ධනාගාරයෙන් අවසර – ශිරන්ති සහ රෝහිතත් බන්ධනාගාරයට එයි

දක්‍ෂිණ අධිවේගයේ රිය අනතුරක් – කාන්තාවකට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ කිලෝමීටර් 32.4 ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය කාන්තාවක් තුවාල ලබා තිබෙනවා. පොලීසිය පැවසුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොස් යළි මාතර බලා යමින් සිටි මෝටර් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි. නඩත්තු කටයුතු සඳහා දමා තිබූ ආවරණ මාර්ගබාධකවල එම මෝටර් රථය ගැටී ඉදිරියට ධාවනය වී මාර්ගය මැද ඇති ආරක්ෂිත වැටේ … දක්‍ෂිණ අධිවේගයේ රිය අනතුරක් – කාන්තාවකට තුවාල

බොරතෙල් මිල යළි ඉහළට

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 97.07 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිලද ඇමරිකානු ඩොලර් 92.28 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අමෙරිකාව සහ ඉරාන අතර යුද ගැටුම් යළි උත්සන්නවීම හමුවේ බොරතෙල් මිල මෙලෙස … බොරතෙල් මිල යළි ඉහළට

බ්‍රිතාන්‍ය ගොවීන්ගේ තොරතුරු සෙවීමට චීනයෙන් ට්‍රැක්ටර් හරහා ඔත්තු බැලීමේ අවදානමක්

චීනය විසින් නිෂ්පාදිත, අන්තර්ජාලය හා සම්බන්ධිත ට්‍රැක්ටර් ඇතුළු කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ භාවිත කරමින් බ්‍රිතාන්‍ය ගොවීන්ගේ තොරතුරු සොයා ඔත්තු බැලීමේ හැකියාවක් පවතින බවට තාක්ෂණික විශේෂඥ වාර්තාවක් මගින් අනතුරු අඟවා තිබේ. තාක්ෂණික පර්යේෂණ ආයතනයක් විසින් සිදුකරන ලද විග්‍රහයකට අනුව, එක්සත් රාජධානිය පුරා ගොවිපළවල භාවිත වන උපකරණ තුළ පවතින මෙම “සැඟවුණු ආරක්ෂක අවදානම” හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය දැඩි … බ්‍රිතාන්‍ය ගොවීන්ගේ තොරතුරු සෙවීමට චීනයෙන් ට්‍රැක්ටර් හරහා ඔත්තු බැලීමේ අවදානමක්

බංග්ලාදේශයේ ළමුන් අතුරුදන්වීම සීඝ්‍රයෙන් ඉහළට – මාස 7ක් තුළ ළමුන් 15,000කට වැඩි පිරිසක් අතුරුදන්

බංග්ලාදේශය තුළ ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි ජාතික අවධානයක් සහ කනස්සල්ලක් මතුව ඇතැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංගමය නිකුත් කළ නවතම වාර්තාවක් මගින් පෙන්වා දෙයි. එම වාර්තාව පෙන්වා දෙන්නේ එරට පොලිස් මූලස්ථානයේ දත්තවලට අනුව, 2026 වසරේ ජනවාරි සහ ජූලි අතර මාස හතක කාලය තුළ පමණක් දිවයින පුරා ළමුන් 15,917 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි. මෙම කාලසීමාව තුළ … බංග්ලාදේශයේ ළමුන් අතුරුදන්වීම සීඝ්‍රයෙන් ඉහළට – මාස 7ක් තුළ ළමුන් 15,000කට වැඩි පිරිසක් අතුරුදන්

සෞදි අරාබියේ සන්නද්ධ ඩ්‍රෝන යානයක් බිම හෙලූ බව හූති සංවිධානය කියයි

සෞදි අරාබියට අයත් CH – 4 වර්ගයේ සන්නද්ධ නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් බිම හෙලීමට තමන් සමත් වූ බව යේමනයේ හූති සංවිධානය පවසනවා. යේමනයේ අල්-ජව්ෆ් ප්‍රාන්තයට අයත් කැබ් වා අෂ් ෂාෆ් දිස්ත්‍රික්කයට ඉහළින් පියාසර කරමින් තිබියදී මෙම යානය බිම හෙලූ බවයි හූති හමුදා ප්‍රකාශක බි්‍රගේඩියර් ජෙනරාල් යහියා සාරී සඳහන් කර සිටින්නේ. අදාළ ඩ්‍රෝන යානය එම ප්‍රදේශය තුළ … සෞදි අරාබියේ සන්නද්ධ ඩ්‍රෝන යානයක් බිම හෙලූ බව හූති සංවිධානය කියයි

ආනපල්ලම සපුගොඩ කදු රක්‍ෂිතයේ ගින්නක්

වැසි රහිත සහ දැඩි වියළි කාලගුණයත් සමග වැල්ලවාය ආනපල්ලම සපුගොඩ කඳු රක්ෂිතයේ ගින්නක් පැතිර යමින් තිබෙනවා. කිසියම් අයෙකු හෝ කණ්ඩායමක් මෙම රක්ෂිතයට ගිනි තබා ඇති බවටයි සැක කරන්නේ. ඇතැම් ස්ථානවල ගිනිදැල් අඩි 10ක් පමණ උස්ව නැගෙමින් තිබෙනවා. ගින්න නිවා දැමීමට ප්‍රදේශවාසීන් ඉමහත් පරිශ්‍රමයක් ගත්තත් ගස්කොලන් වියළී තිබීම සහ පවතින සුළං හේතුවෙන් ගින්න තවදුරටත් වේගයෙන් පැතිර … ආනපල්ලම සපුගොඩ කදු රක්‍ෂිතයේ ගින්නක්