Nishan Neth News

ලෝක රූ රැජිණ කිරුළ ඩොමිනික් ජනරජයට

2026 ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට ඩොමිනිකන් ජනරජය නියෝජනය කළ ජොහෙයිරි මෝලා ඩොමින්ගුවෙස් සමත් වුණා. ඇය ව්‍යාපාර කළමනාකරණය හා පරිපාලනය පිළිබඳ උපාධිධාරිනියක්. ‘Voices of Tomorrow’ සංවිධානයේ නිර්මාතෘ සහ සභාපතිනිය වන්නේ ද ඇයයි. මෙම සංවිධානය විසින් අවදානමට ලක්වූ ප්‍රජාවන්හි දරුවන් හා තරුණයන් සඳහා ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරනවා. ජොහෙයිරි මෝලා ඩොමින්ගුවෙස් ඉංග්‍රීසි භාෂාවෙන් සාහිත්‍යය සහ … ලෝක රූ රැජිණ කිරුළ ඩොමිනික් ජනරජයට

“දෙහි බාලේ” සහ “කළු මල්ලි” ගේ ගෝලයන් දෙදෙනෙක් STF අත්ඩංගුවට

විදේශගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන “දෙහි බාලේ” සහ “කළු මල්ලි” නමැත්තන්ගේ මෙහෙයවීම මත දිවයින පුරා මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ පැතිරවූ ඔවුන්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු හදිසි තොරතුරකට අනුව සිදුකළ ක්ෂණික වැටලීමකදීයි. එම වැටලීම සිදුකර ඇත්තේ මාතර, නාවිමන, … “දෙහි බාලේ” සහ “කළු මල්ලි” ගේ ගෝලයන් දෙදෙනෙක් STF අත්ඩංගුවට

ඉතිහාසය යළි යළිත් අලුත් කරමින් අපේ රුමේෂ් ඩයමන්ඩ් ලීග් අවසන් තරගයත් ජය ගනී

බෙල්ජියමේ  බ්‍රසල්ස්හි පැවති “ඩයමන්ඩ් ලීග්” අවසන් අදියරේ හෙල්ල විසි කිරීම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට, ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වුණා. ඔහු එහිදි දැක්වූ දක්ෂතාව මීටර් 89.04 යි.     එහි දෙවන ස්ථානය දිනා ගත්තේ පෝලන්තයේ ඩේවිඩ් වැග්නර්. ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 87.47 ක්.    

චීන බැලැස්ටික් මිසයිල පරීක්ෂණයට එරෙහිව පැසිෆික් නායකයින්ගේ එකඟතාව ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සහ පලාවු දැඩි උත්සාහයක

චීන බැලැස්ටික් මිසයිල පරීක්ෂණයට එරෙහිව පැසිෆික් නායකයින්ගේ එකඟතාව ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සහ පලාවු දැඩි උත්සාහයක චීනය මෑතකදී සිදු කරන ලද බැලැස්ටික් මිසයිල පරීක්ෂණය තදින්ම හෙළා දකිමින් ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කිරීමට පැසිෆික් කලාපීය නායකයින් පොළඹවා ගැනීමට ඕස්ට්‍රේලියාව සහ පලාවු රාජ්‍යය කටයුතු කරමින් සිටී. චීනය පමණක් ඉලක්ක කර ගනිමින් මෙලෙස විවේචනය කිරීම අසාධාරණ බවට කිරිබාති සහ නාඌරූ … චීන බැලැස්ටික් මිසයිල පරීක්ෂණයට එරෙහිව පැසිෆික් නායකයින්ගේ එකඟතාව ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සහ පලාවු දැඩි උත්සාහයක

තලෙයිමන්නාරම මුහුදේ අතරමංව සිටි තවත් පිරිසක් බේරා ගැනේ

තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී, වැලිපරයක අතරමංව සිටි තවත් පුද්ගලයන් තිදෙනෙකු මුදා ගැනීමට  නාවික හමුදාව සමත් වී තිබෙනවා. මෙම පිරිස ද දකුණු ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් පැමිණ ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. එම පිරිස අතර ‍පියෙකු සහ ඔහුගේ අවුරුදු 11ක් හා 13ක් වයස  දරුවන් දෙදෙනාද වන බවයි නාවික හමුදාව පැවසුවේ. මෙම මෙහෙයුමත් … තලෙයිමන්නාරම මුහුදේ අතරමංව සිටි තවත් පිරිසක් බේරා ගැනේ

යුක්‍රේන ආරක්ෂක සේවා මූලස්ථානයටත් රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් – ගැටුම් තවත් උත්සන්න වන ලකුණු

යුක්රේනයේ හඳුනාගත් ඉලක්ක වෙත රුසියාව තවදුරටත් දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. කියෙව් නගර මධ්‍යයේ පිහිටි යුක්රේන ආරක්ෂක සේවා මූලස්ථානය වෙත ද රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බවයි යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසන්නේ. මෙම ප්‍රහාරයේදී ඩ්‍රෝන යානයක් යුක්රේන ආරක්ෂක සේවා මූලස්ථානය හෙවත් SBU ගොඩනැගිල්ලට කඩා වැටී තිබෙනවා. යුක්රේන ආරක්ෂක සේවා ප්‍රධානී ඔලෙක්සැන්ඩර් පොක්ලාඩ් භාවිත කළ කාර්යාලයක් … යුක්‍රේන ආරක්ෂක සේවා මූලස්ථානයටත් රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් – ගැටුම් තවත් උත්සන්න වන ලකුණු

ඉරාන තෙල් නැවකට අමෙරිකාවෙන් දරුණු ප්‍රහාරයක්

කාර්ග් දූපත ආසන්නව මුහුදේ ගමන් කරමින් තිබූ ඉරාන තෙල් නැවකට  ඇමරිකානු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. තෙල් නැව ඉලක්ක කර ගනිමින් ඇමරිකානු හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවයි ඉරාන මාධ්‍ය පවසන්නේ. කාර්ග් දූපත ඉරානයේ ප්‍රධාන තෙල් අපනයන මධ්‍යස්ථානයක්. එහි සිට නාවික සැතපුම් හයක පමණ දුරකදී මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා. ප්‍රහාරයට ඉලක්ක වී ඇත්තේ ඉරානයට අයත් … ඉරාන තෙල් නැවකට අමෙරිකාවෙන් දරුණු ප්‍රහාරයක්

බොලිවියාවේ හමුදා කඳවුරක දැවැන්ත පිපිරීමක් – දෙදෙනෙකු මරුට – 81කට තුවාල

බොලිවියාවේ ‘වියාචා‘ ප්‍රදේශයේ පිහිටි හමුදා කඳවුරක් තුළ සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. එම පිපිරීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි එරට බලධාරීන් පවසන්නේ. මෙම පිපිරීම සිදුව ඇත්තේ පිරෝටෙක්නික් හෙවත් ගිනිකෙළි ද්‍රව්‍ය ගබඩා කර තිබූ කාලතුවක්කු රෙජිමේන්තු හමුදා කඳවුර තුළයි. අදාළ පිපිරීමෙන් පුද්ගලයින් 81 දෙනෙකු පමණ තුවාල ලබා ඇති … බොලිවියාවේ හමුදා කඳවුරක දැවැන්ත පිපිරීමක් – දෙදෙනෙකු මරුට – 81කට තුවාල

ගෑස් මිල අඩු කළාට කඩ කෑම මිල ගණන් එලෙසම

ගෑස් මිල ගණන් අඩු කිරීම හේතුවෙන් ප්ලේන්ටි සහ කිරි තේ මිල රුපියල් පහකින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. කෙසේවෙතත් කෙටි ආහාර මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු නොවන බවයි එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා නෙත් නිවුස් කළ විමසිමකදී පැවසුවේ. “ගෑස් මිල රුපියල් සියයකින් විතර … ගෑස් මිල අඩු කළාට කඩ කෑම මිල ගණන් එලෙසම