Nishan Neth News

මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුවයි. නාමල් රාජපක්‍ෂ මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණියේ එම කොමිසම විසින් කරන ලද කැදවීමකට අනුවයි.

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,000 ඉක්මවයි

ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ වන විට අවම මට්ටමක පැවතුණ ද අවදානම පහව ගොස් නොමැති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මේ හේතුවෙන් සිය පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිළිබඳ තවදුරටත් අවධානය යොමු කරන ලෙසයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේ. “දැන් රෝගය අඩු වෙලා තියෙනවා. හැබැයි මේක අමතක කරලා … ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 96,000 ඉක්මවයි

දූෂණ විරෝධී පනත් කෙටුම්පත එරෙහි පෙත්සම් විභාගය අවසන් – තීන්දුව කතානායකට

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයාට සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා. මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 15 ක් ගොනු කර තිබූ අතර … දූෂණ විරෝධී පනත් කෙටුම්පත එරෙහි පෙත්සම් විභාගය අවසන් – තීන්දුව කතානායකට

හිටපු ඇමති ජොන්ස්ටන් අත්අඩංගුවට ගත්තේ ඇයි? අල්ලස් කොමිසමෙන් උත්තර

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගත් හේතුව ගැන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්.

නාමල් තවමත් අල්ලස් කොමිසමේ

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වනවා. එම කොමිසමේ කැදවීමකට අනුව ප්‍රකාශයක් ලබාදිම සදහා නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම වෙත පැමිණියේ අද පෙරවරු 9.20 ට පමණයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි වී චානක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, ප්‍රසන්න රණවීර සහ … නාමල් තවමත් අල්ලස් කොමිසමේ

නේපාලයේ මහා ගංවතුරෙන් උමඟක සිරවී සිටි පුද්ගලයන් දෙදෙනෙකු දින නවයකට පසු බේරා ගැනේ

නේපාල- චීන දේශසීමා ආසන්නයේ ඇතිවූ මහා හදිසි ජලගැලීම් සහ නායයෑම් ව්‍යසනයෙන් දින නවයකට පසුව, ජල විදුලි බලාගාරයකට අයත් උමඟක් තුළ සිරවී සිටි පුද්ගලයන් දෙදෙනෙකුගේ දිවි බේරා ගෙන තිබෙනවා. ඒ, මුදාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින සහන කණ්ඩායම් විසින්. අදාළ උමං මාර්ගය තුළින් අලුයම කාලයේ මිනිසුන්ගේ ශබ්ද ඇසී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඒ අනුව අවම වශයෙන් තවත් … නේපාලයේ මහා ගංවතුරෙන් උමඟක සිරවී සිටි පුද්ගලයන් දෙදෙනෙකු දින නවයකට පසු බේරා ගැනේ

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ප්‍රකාශයක් ලබාදිම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදීයි. මේ අතර එම කොමිෂන් සභාව වෙත පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නිලධාරින් තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා.

නාමල් අල්ලස් කොමිසමට පැමිණෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණ තිබෙනවා. ඒ, එම කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහායි.

කල්පිටියේදී ගැබිණි කාන්තාවක් ඝාතනය කෙරේ

කල්පිටිය, පාලකුඩාව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම ගැබිණි කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 26ක් වූ පාලකුඩාව ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි පොලීසිය පැවසුවේ. ඇය සිය ස්වාමි පුරුෂයාගෙන් වෙන්ව වෙනත් පුද්ගලයෙකු සමඟ ජීවත්ව සිට ඇති අතර පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් අනියම් පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු … කල්පිටියේදී ගැබිණි කාන්තාවක් ඝාතනය කෙරේ