Nishan Neth News

ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 59 වන ඇසළ පෙරහැර මංගල්‍යය ඇරඹෙයි

ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 59 වන ඇසළ පෙරහැර මංගල්‍යය අදින් ආරම්භ වුණා. ඒ, අද උදෑසන පැවති උදා සමුළු සම්මන්ත්‍රණයෙන්. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. අද රාත්‍රියේ සර්ව රාත්‍රික පරිත්‍රාන දේශනය පැවැත්වෙන අතර හෙට උදැසන මහා සංඝ රත්නය විෂයෙහි පවත්වන සංඝගත දක්‍ෂිණාව සහ දේවාභිෂේක නානු මුර මංගල්‍යය පැවැත්වෙනවා. පළමු දිවා … ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 59 වන ඇසළ පෙරහැර මංගල්‍යය ඇරඹෙයි

මත්ද්‍රව්‍ය සන්තකව සිටි පාසල් සිසුවෙක් ගන්නෝරුවේදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සන්තකව සිටි පාසල් සිසුවෙකු ගන්නෝරුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මහනුවර ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එම පාසල් සිසුවා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 500 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 යි, මිලිග්‍රෑම් 900 ක් සොයාගෙන තිබෙනවා. ඔහු පේරාදෙණිය, කන්දකඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ලබන වසරේ උසස් පෙළ විභාගයට ඉදිරිපත් වීමට නියමිත … මත්ද්‍රව්‍ය සන්තකව සිටි පාසල් සිසුවෙක් ගන්නෝරුවේදී අත්අඩංගුවට

යෝජිත දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නැයි ට්‍රාන්ස්පේරන්සි ආයතනය රජයට කියයි

වත්කම් සහ බැරකම් ප්‍රකාශන වෙත මහජනතාවට ඇති ප්‍රවේශය සීමා කෙරෙන යෝජිත දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය රජයෙන් ඉල්ලා සිටිනවා. 2026 ජූලි 24 වන දින ගැසට් පත්‍රයේ පළ කරන ලද අදාළ සංශෝධන මගින් පනතින් ලබාදී ඇති තොරතුරු මහජනයා විසින් භාවිත කිරීම අපරාධයක් බවට පත්කර ඇති බවයි නිවේදනයක් … යෝජිත දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නැයි ට්‍රාන්ස්පේරන්සි ආයතනය රජයට කියයි

හැටන් – කොළඹ මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ අවදානමක

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ, වටවල, රොසැල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ අවධානමකට ලක් වී ඇති බව නෝර්වුඩ් මහා මාර්ග කාර්යාලය පවසනවා. ගිලා බැසීමේ අවධානමකට ලක් වී ඇති ස්ථානයේ රථවාහන ගමනා ගමනය එක් මන්තිරුවකට සීමා කර ඇති බවයි නෙත් නිව්ස් නියෝජිතයා පැවසුවේ. පවතින අයහපත් කාලගුණ … හැටන් – කොළඹ මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ අවදානමක

හැටන් – ශ්‍රී පාද මාර්ගයට පස් කන්දක් කඩා වැටේ

ශ්‍රී පාද කදු මුදුනේ ගල් පර්වතයේ වැවී තිබූ ශාක කොටස් කිහිපයක් පස් සමග ශ්‍රී පාද මාර්ගයට කඩා වැටීමෙන් එම මාර්ගය අවහිර වී ඇති බව නල්ලතන්නි පොලීසිය පවසනවා. නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ මීට පෙරද ශාක සහිත පස් කදු කඩා වැටුණු ඇහැළ කණුව ආසන්නයේම මෙවරත් එම පස් කන්ද ශ්‍රි පාද මළුවට පිවිසෙන පිය ගැටපෙළ මත වැටී ඇති … හැටන් – ශ්‍රී පාද මාර්ගයට පස් කන්දක් කඩා වැටේ

රට රනින් බැබළ වූ රුමේෂ් තරංග නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ අංක 1ට

පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ නවතම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ලොව අංක එකේ ක්‍රීඩකයා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූරයා වන රුමේෂ් තරංග සමත් වී තිබෙනවා. ඒ නවතම ශ්‍රේණිගත කිරීම අනුව ලකුණු 1,354ක් ලබා ගනිමින්. නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දෙවන ස්ථානය ජර්මනියේ ජූලියන් වෙබර්ට හිමිව තිබෙනවා. ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1,348ක්. තුන්වන ස්ථානයේ … රට රනින් බැබළ වූ රුමේෂ් තරංග නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ අංක 1ට

ඩෙල්ෆ් දූපත ආසන්නයේ දී බේරාගත් ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි පිරිස ගොඩබිමට රැගෙනමින් සිටින බව නාවික හමුදාව කියයි

ඩෙල්ෆ්ට් දූපත අසල ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදි අනතුරට පත් ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් මේ වනවිට ගොඩබිම වෙත රැගෙන එමින් සිටින බව නාවික හමුදාව පවසනවා. අදාළ ධීවර යාත්‍රාව අද අලුයම 5 ත් 5.30 ත් කාලය තුළ අනතුරට ලක්ව ඇති බවට නාවික හමුදා වෙත තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව … ඩෙල්ෆ් දූපත ආසන්නයේ දී බේරාගත් ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි පිරිස ගොඩබිමට රැගෙනමින් සිටින බව නාවික හමුදාව කියයි

හමුදාව සාමාජිකයන්ට විශේෂ දීමනාවක්

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට විද්‍යාත්මක සහ වෘත්තීය නිපුණතාවෙන් ඉහළ සන්නද්ධ හමුදාවක් ලෙස ලෝකයේ කටයුතු කිරීමට ඉහළ විභවතාවක් පවතින බවත්, ඒ වෙනුවෙන් ඔවුන් සූදානම් කිරීම සහ අවශ්‍ය පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ 2026 වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට එක් … හමුදාව සාමාජිකයන්ට විශේෂ දීමනාවක්

ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බදු අයකරන්න පුලුවන්ද? තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය හේතුවෙන් මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වයට මෑතකදී පාර්ලිමේන්තුවට ගෙන එන ලද දේශීය ආදායම් සංශෝධන පනතට අනුව විසඳුමක් ලබා ගැනීමට හැකිවේදැයි පැහැදිලි කරන ලෙස අභියාචනාධිකරණය එම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා එක් දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල නායකයන් වන … ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බදු අයකරන්න පුලුවන්ද? තීන්දුව ලබන 31 වනදා ප්‍රකාශයට