කාර්යක්ෂම, සුව පහසු, පොදු ප්‍රවාහන සේවාවක් සහතික කිරීම සඳහා, ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව යුගයක් ආරම්භ කිරීම අපගේ රජයේ අපේක්ෂාවයි. ඒ අනුව, දුම්රිය හා මගී බස් රථ සේවා නවීකරණය, ප්‍රවාහන ජාල අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ තිරසර මහජන ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීම සඳහා වාර්තාගත රු. මිලියන 95,000 ක් යොදවනවා. Nishan Neth News | November 12, 2026
අලි – මිනිස් ගැටුම හේතුවෙන් නිවාස හානි සඳහා වන්දි මුදල රු. ලක්ෂ 2 සිට රු. මිලියනය දක්වාත්, වන අලි ඇතුළු ආරක්ෂිත සතුන් පහර දීම, මිය යන හෝ පූර්ණ ඛෙලහීනතාවයකට පත්වන අයකුට ගෙවන වන්දි මුදල රු. මිලියන 1 සිට රු. මිලියන 2 දක්වාත්, අර්ධ බෙලහීනතාවයකදී ගෙවනු ලබන වන්දි මුදල රු. 150,000 සිට රු. ලක්ෂ 5 දක්වාත්, නිවාස අනෙකුත් දේපල සඳහා ගෙවනු ලබන මුදල රු. ලක්ෂ 2 සිට රු. ලක්ෂ 5 දක්වා වැඩි කිරීමටත් යෝජනා කරනවා. Nishan Neth News | November 12, 2026
ශ්‍රී ලංකාවේ ජීව උරුමයක් වන වන අලි සම්පත ආරක්ෂා කර ගැනීම, සිදුවන හිංසනය වැළැක්වීම සඳහා නීතිමය රාමුව ශක්තිමත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. Nishan Neth News | November 12, 2026
අනතුරට ලක්වන කැස්බෑවුන්, ඩොල්ෆින් ආදී සමුද්‍ර ජීවීන්ට ප්‍රතිකාර කිරීම සහ පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් දොඩන්දුව ප්‍රදේශයේ අක්කර 2 ක භූමි ප්‍රමාණයක ආරම්භක කටයුතු වෙනුවෙන් රු. මිලියන 50 ක් වන ජීවී අරමුදලෙන් වෙන් කර තිබේ. Nishan Neth News | November 12, 2026
අතරමං වන අලි පැටව් මේ වන විට පුනරුත්ථාපනය කරනු ලබනුයේ ප්‍රදේශයේ ඇත් අතුරු සෙවණේ වන අතර ඉතා විශාල අලි පැටවුන් ප්‍රවාහනය සිදුවීම නිසා ඔවුන්ගේ ජීවිත අවදානමක් පවතිනවා. ඒ නිසා, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අක්කර 15 ක භූමි ප්‍රමාණයක නව ඇත් අතුරු සෙවනක් වෙනුවෙන් ඇස්තමේන්තුගත රු. 5,000 ක ප්‍රතිපාදන මිලියන කිහිපයකින් වන ජී වී අරමුදලෙන් ලබා දීමට අපේක්ෂා කරනවා. Nishan Neth News | November 12, 2026
සත්ත්ව සුබසාධනය වෙනුවෙන් වන සතුන්ට ප්‍රතිකාර ලබා දිය හැකි රෝහලක් සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කය, නුවර ගම් රක්ෂිතය තුළ අක්කර 03 ක භූමි ප්‍රදේශයක් හඳුනාගෙන ඇත. මෙම රෝහල ස්ථාපනය කිරීම සඳහා වන ජීවී අරමුදලෙන් රුපියල් මිලියන 700 ක් වෙන් කිරීමට අපේක්ෂා කරනවා. Nishan Neth News | November 12, 2026
වන අලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා කෘතිම බුද්ධිය (AI) සහ තාප සංවේදී කැමරාව සැලසුම් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. ඒ අනුව මේ වසරේ එම මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට සමත් වේ. එහි ප්‍රතිඵලය අනුව මෙම ව්‍යාපෘතිය ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. Nishan Neth News | November 12, 2026
නව විදුලි වැට ඉදි කිරීමට, පවතින විදුලි වැට ප්‍රයෝජනයට මිලියන 250 ක් කර තිබේ. මීට අමතරව වන ජීවී අරමුදලෙන් දරු. මිලියන 200 ප්‍රතිපාදන ඒ සඳහා අපේක්ෂා කරනවා. Nishan Neth News | November 12, 2026
අලි – මිනිස් ගැටුම අවම කරමින් ජීවිත සහ වන අලි ආරක්ෂා කිරීමේ අරමුණින් 2026 ජුනි දී හඳපානාගල, කොහොලංකල, වැටහිර කන්ද අලි මංකඩ නිදහස් කර ඇති අතර නාච්චාදුව වැව හා මහ කනදරාව වැව අතර පිහිටි අලිමංකඩ වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කිරීමට අපේක්ෂා කරනවා. Nishan Neth News | November 12, 2026