Nishan Neth News

වැස්ස නිසා ශ්‍රී ලංකාව – කොදෙව් දෙවන එක්දින තරගය අතහැර දැමෙයි

  ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග තුනකින් යුත් එක් දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුනා. තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ කිංස්ටන් හි සබීනා පාක්. ක්‍රීඩාංගනයෙයි. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අලුයම 1ට තරගය ආරම්භ කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් කලින් ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් පිටිය තෙත සහිත වීම නිසා නියමිත වේලාවට … වැස්ස නිසා ශ්‍රී ලංකාව – කොදෙව් දෙවන එක්දින තරගය අතහැර දැමෙයි

හංවැල්ලේදී කාන්තාවන් දෙදෙනෙකුගේ දිවි අහිමි කරමින් පලා ගිය මෝටර් රථය සොයා විමර්ශන

හංවැල්ල, ජල්තර දම්සෙත් විදුහල අසල සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් දෙදෙනා මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සේවය නිම කර සිය තාවකාලික නවාතැන් පොළට මාර්ගයේ ගමන් කරමින් සිටියදී බවයි පොලීසිය පැවසුවේ. මාර්ගයේ ගමන් ගත් එම කාන්තාවන් කාන්තාවක් දෙදෙනා අනතුරට ලක් කල මෝටර් රථය පලාගොස් තිබෙනවා. එහිදී තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා නවගමුව රෝහලට … හංවැල්ලේදී කාන්තාවන් දෙදෙනෙකුගේ දිවි අහිමි කරමින් පලා ගිය මෝටර් රථය සොයා විමර්ශන

දක්‍ෂ පන්දු යවන්නියකට පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකාවේ දක්ෂතම දඟ පන්දු යවන්නියක වන දකුණතින් මෙන්ම වමතින් ද, අත් දෙකෙන්ම පන්දු යවන හැකියාව සහිත ශෂිනි ගිම්හානිට මෙවර පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබෙනවා. තරගාවලිය සඳහා නම් කෙරුණු සාමාජිකාවන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ඇයද ඇතුළත්ව සිටි නමුත් පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් වීම හේතුවෙනුයි දැන් ඇයට එහි ස්ථානය … දක්‍ෂ පන්දු යවන්නියකට පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

මීගමුව කලපුවේ විශේෂ වැටලීමක් – සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ, මීගමුව කලපුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදීයි. එහිදී බීඩි කොළ කිලෝග්‍රෑම් 477කට අධික තොගයක් ඩිංගි යාත්‍රාවක් සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. එම ඩිංගි යාත්‍රාවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු ද සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ. ඔවුන් මීගමුව, සෙත්තප්පාඩුව … මීගමුව කලපුවේ විශේෂ වැටලීමක් – සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන සකස් කළ සැකකරුවන් තිදෙනෙකු CID අත්අඩංගුවට

ව්‍යාජ ලේඛන සකස් කළ සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශනයකට අදාළව බොරැල්ල N.M. පෙරේරා මාවත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළ බවයි පොලීසිය පැවසුවේ. එහිදී ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඔප්පු පිටපත් ඇති මුල් ගොනු දෙකක්, ඉඩම්වලට අදාළව සකස් කරන … ව්‍යාජ ලේඛන සකස් කළ සැකකරුවන් තිදෙනෙකු CID අත්අඩංගුවට

ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි – ගංඟා ජල මට්ටම් ඉහළට

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ. මේ අතර පවතින වැසි තත්ත්වය හමුවේ ඇතැම් ප්‍රධාන ගංඟාවන්හි ජල මට්ටම් කිසියම් ඉහළ … ප්‍රදේශ රැසකට තවදුරටත් වැසි – ගංඟා ජල මට්ටම් ඉහළට

නෙත් එෆ් එම් ඩී ජේ නයිට් ෆේස්ටු ෆේස් ඇටෑක් ෂෝහි දෙවන ජයග්‍රහණය කොළඹට

නෙත් එෆ් එම් ඩී ජේ නයිට් ෆේස්ටු ෆේස් ඇටෑක් ෂෝහි දෙවන ජයග්‍රහණය හිමි කර ගැනීමට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ DJ VIXO  සමත් වුණා. ඉතා උණුසුම් ලෙස මෙම DJ සංග්‍රාමය සිදු කෙරුණේ ඊයේ රාත්‍රියේයි. කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ DJ ශිල්පිනී DJ BOBO  සමග පැවති කරට කර තරගයෙන් අනතුරුව DJ VIXO ජය ගනු ලැබුවා. සෑම සිකුරාදා දිනකම … නෙත් එෆ් එම් ඩී ජේ නයිට් ෆේස්ටු ෆේස් ඇටෑක් ෂෝහි දෙවන ජයග්‍රහණය කොළඹට

පාපන්දු ලෝක කුසලානයට එන්න අමෙරිකාවෙන් ඉරාන කණ්ඩායමට අවසර

එළඹෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගිවීම සඳහා ඉරාන පාපන්දු කණ්ඩායමට ඇමෙරිකාවට ඇතුළුවීම සදහා වීසා නිකුත් කළ බව ඇමෙරිකාව පවසනවා. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉරානය සහභාගී වන පළමු තරගය ලබන ජූනි 15 වනදා ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවරදී පැවැත්වීමට නියමිතයි. එහිදී ඉරානය නවසීලන්තය සමග තරගවැදීමට නියමිතව තිබෙනවා. මේ සඳහා තවත් දින 10කටත් අඩු කාලයක් ඉතිරිව තිබියදීයි තරගය වෙනුවෙන් … පාපන්දු ලෝක කුසලානයට එන්න අමෙරිකාවෙන් ඉරාන කණ්ඩායමට අවසර

ජාතික මහා ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරගාවලිය ඇරඹේ

50 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ” රට හරහා දිවීමේ තරගාවලිය අද ආරම්භ වුණා. ඒ, නුවරඑළිය තුරග තරග පිටියෙන්. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරන මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂීම මහෝත්සවය වන ”ජාතික මහා ක්‍රීඩා උළෙලේ” 50 වැනි ස්වර්ණ ජයන්ති සැමරුමට සමගාමීව ” රට හරහා දිවීමේ තරගාවලිය” මෙවර සංවිධානය කර … ජාතික මහා ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීමේ තරගාවලිය ඇරඹේ