Nishan Neth News

දාවුඩ් ඉබ්‍රාහිම්ගේ සමීපතමයෙකු වන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සලීම් ඩෝලා අත්අඩංගුවට

වසර දෙකකට ආසන්න කාලයක් පොලිසිය මගහරිමින් සැඟවී සිටි දාවුඩ් ඉබ්‍රාහිම්ගේ සමීපතමයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සලීම් ඉස්මයිල් ඩෝලා (Salim Ismail Dola) ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සලීම් ඉස්මයිල් ඩෝලා (Salim Ismail Dola) මුම්බායි අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ඔහු මැයි 08 වනදා දක්වා මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය (NCB) භාරයේ තැබීමටයි එහිදී … දාවුඩ් ඉබ්‍රාහිම්ගේ සමීපතමයෙකු වන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සලීම් ඩෝලා අත්අඩංගුවට

රඳවා ගෙන ප්‍රශ්න කළ මත්ද්‍රව්‍ය සමග හසු වූ චීවරධාරීන් පිරිසට අද වුණ දේ

තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ චීවරධාරීන් 22දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රදවා ගෙන ප්‍රශ්න කළ එම චීවරධාරීන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. එහිදී අධිකරණය නියෝගය කළේ සැකකාර චීවරධාරීන් ලබන 12 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. මෙම … රඳවා ගෙන ප්‍රශ්න කළ මත්ද්‍රව්‍ය සමග හසු වූ චීවරධාරීන් පිරිසට අද වුණ දේ

පාර්ලිමේන්තුවට එනවාද? ආරක්‍ෂක ලේකම්ගෙන් උත්තර

තමන් පාර්ලිමේන්තුව මන්ත්‍රී ධුරයක් අපේක්‍ෂාවෙන් සිටින බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසනවා. පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට තමන්ගේ කිසිදු අපේක්‍ෂාවක් නොමැති බවයි මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ආරක්‍ෂක ලේකම්වරයා කියාසිටියේ.

සැකකටයුතු ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ අවසන් කටයුතු පස්වරුවේ

මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂක රංග නිශාන්ත මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරෙනවා. ඒ, කුලියාපිටිය – පහළ වීරඹුව පොදු සුසාන භූමියේදීයි. ඔහුගේ දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතුවලින් අනතුරුව එම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන එනු ලැබුවා. මෙම මරණය බහු කැපුම් තුවාල නිසා ඇති වූ අධික රුධිර වහනයෙන් සිදුව ඇති බවට පශ්චාත් මරණ … සැකකටයුතු ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ අවසන් කටයුතු පස්වරුවේ

පුද්ගලයන් 11 දෙනෙකුට දිවි අහිමි කළ මෙක්සිකෝවේ මාරක අනතුර

මෙක්සිකෝවේ මගී බස් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයින් 11දෙනෙකු මියගොස් තිබෙනවා. එම අනතුරෙන් තවත් පුද්ගලයන් 31දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පුද්ගලයන් හය දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයන් 5 දෙනා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. එම බස් රථය නයාරිට්හි පිහිටි උද්‍යානයක් වෙත ධාවනය කරමින් සිටියදි අනතුරට ලක්ව … පුද්ගලයන් 11 දෙනෙකුට දිවි අහිමි කළ මෙක්සිකෝවේ මාරක අනතුර

බලයේ රැදී සිටින්න ආණ්ඩුව වෙනත් ගේමක?

තවදුරටත් බලයේ රැදී සිටින්නට ආණ්ඩුව, මර්දනය සහ භීෂණය භාවිත කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසනවා. පසුගිය කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම් දෙකක් වන ප්‍රශ්නගත බහාලුම් මුදාහැරීම සහ මුදල් අමාත්‍යාංශයේ මුදල් අස්ථානගතවීම යන සිද්ධින්වලට පැමිණිලි කළ පුද්ගලයන්ට අත්වූ ඉරණම හේතුවෙන් එය මනාව පැහැදිලි වන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. කැළණිය රජමහා … බලයේ රැදී සිටින්න ආණ්ඩුව වෙනත් ගේමක?

ලක්මව රනින් සැරසූ නිපුනි වාසනා ඉදිරි පිම්ම ගැනත් රට හමුවේ කියයි

ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී ලක් මව රනින් සැරසූ ශ්‍රී ලංකා ගුවන් හමුවේ නිපුනි වාසනා ධර්මදාස ක්‍රීඩිකාව දිවයිනට පැමිණියා. චීනයේ පැවැති 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේදී මල්ලවපොර ඉසව්වෙන් රන් පදක්කම ඇය දිනා ගත්තේ කිලෝග්‍රෑම් 50 බර පන්තිය යටතේ තරග වදිමින්. අවසන් මහා තරගයේදී වියට්නාම ක්‍රීඩිකාව පරාජය කරමින් නිපුනි ජයග්‍රහණය වාර්තා කළ අතර එය 2026 වර්ෂයේ … ලක්මව රනින් සැරසූ නිපුනි වාසනා ඉදිරි පිම්ම ගැනත් රට හමුවේ කියයි

පන්දුවාර විස්ස පූර්ණ තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද යළි තරග බිමේ

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය පස්වරු එකට ආරම්භවීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම තරගයට එක්වන්නේ ජයග්‍රාහි ඉහළ මානසිකත්වයකින්. ඒ, දෙරට අතර පැවති පන්දුවාර විස්ස ක්‍රිකට් තරග දෙකම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කිරීම හේතුවෙන්. ඒ … පන්දුවාර විස්ස පූර්ණ තරගාවලි ජයක් සොයා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද යළි තරග බිමේ

ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ගායකයෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක්

කිරිඇල්ල, ඉඩංගොඩ, නාරංගස්හේන ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ගායකයෙකුගේ නිවසකට එලෙස වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි කිරිඇල්ල පොලිසිය පැවසුවේ. එම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුව නැහැ. වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ එම නිවස පිටුපස ජනේලයකටයි. කෙසේවෙතත් වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු විදේශ රටක නිෂ්පාදිත බොර 12 වර්ගයේ ගිනි අවියද සමග … ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක ගායකයෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක්