Nishan Neth News

නුවරඑළියේ තේ කර්මාන්ත ශාලාවේ ගින්නට හේතුව සොයා විමර්ශන

නුවරඑළිය, රාගල බෲක්සයිඩ් ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක හටගත් ගින්නට හේතුව සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා. හටගත් එම ගින්නෙන් තේ කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ගින්න හටගත් අවස්ථාවේ තේ කර්මාන්ත ශාලාව තුළ සේවකයන් හය දෙනෙකු රැදි සිටි තිබෙනවා. කෙසේවෙතත් ගින්නෙන් ඔවුන්ට කිසිදු හානියක් නොමැති බවයි පොලීසිය පැවසුවේ. වහා … නුවරඑළියේ තේ කර්මාන්ත ශාලාවේ ගින්නට හේතුව සොයා විමර්ශන

මැයි රැළි අවසානයේ ක්‍රීඩාංගණ විනාශ වුණාද? නෙත් නිවුස් ක්‍ෂේත්‍ර චාරිකාවක

ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි දින රැළි පැවැත්වූ ක්‍රීඩාංගණ සහ අදාළ ස්ථාන පිරිසිදු කිරීමේ කටයුතු ඊයේ රාත්‍රියේම සිදුකර තිබෙනවා. ඊට මැයි රැළිවලට සහභාගි වූ ජනතාවද එක්ව සිටීම විශේෂත්වයක්. ඒ අනුව නෙත් නිවුස් අද උදෑසන කොළඹ ප්‍රදේශයේ සිදුකළ ක්‍ෂේත්‍ර චාරිකාවකදි දැක ගත හැකි වූයේ මැයි දින රැළි පැවැත්වූ ක්‍රීඩාංගණ සහ වෙනත් ස්ථාන නිසි පරිදි ිපිරිසිදු කර … මැයි රැළි අවසානයේ ක්‍රීඩාංගණ විනාශ වුණාද? නෙත් නිවුස් ක්‍ෂේත්‍ර චාරිකාවක

මැදපෙරදිග යුද උණුසුම මැද හජ් වන්දනාවට ගිය මෙරට පළමු නඩය

2026 හජ් වන්දනාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පළමු වන්දනා නඩය දිවයිනෙන් පිටත්ව ගියා. සෞදියා ගුවන් සේවයට අයත් එස් වී 839 දරන යානයෙන් ඔවුන් කටුනායක ගුවන්තොටුපොළෙන් ජෙඩා නුවර බලා පිටත්ව ගිය බවයි එම අවස්ථාව ආවරණය කළ නෙත් නිවුස් ගුවන්තොටුපළ වාර්තාකරු ටී කේ ජී කපිල පැවසුවේ. ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් 325 දෙනෙකු මෙම නඩයට අයත් වනවා. ඔවුන් පිටත්ව යාම … මැදපෙරදිග යුද උණුසුම මැද හජ් වන්දනාවට ගිය මෙරට පළමු නඩය

ඉන්ධන මිල ආයෙත් වැඩි වන බවට අනාවරණයක්

බලශක්ති ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදකාරී තත්වයන් හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන මිල සුළු වශයෙන් යලිත් වැඩිවීමක් සිදුවිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කළේ ජාතික ජන බලවේගයේ මහරගම පැවැති මැයි රැළිය අමතමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායකක මහතා සඳහන් කළේ ඉන්ධන මිල වැඩි වුවද ඒ සඳහා අවශ්‍ය සහනාධාර … ඉන්ධන මිල ආයෙත් වැඩි වන බවට අනාවරණයක්

වැඩිම සෙනඟ ආවේ කාටද? රැළිවලින් පසු අලුත් පොරයක්

මෙවර මැයි දිනය වෙනුවෙන් දේශපාලන පක්‍ෂ විසින් පැවැත්වූ මැයි රැළි සම්බන්ධයෙන් පක්‍ෂ නියෝජිතයන් විවිධ අදහස් පළ කරනවා. ජාතික ජනබලවේගය පැවැත්වූ මැයි දින පෙළපාලි සහ රැළි ඉතා සාර්ථක බවයි එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සූරවීර මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ. එක් රැළියකට පමණක් සීමා නොවී ඉතිහාසයේ වෙනස්ම ආකාරයෙන් මෙවර මැයි දිනය සැමරූ බවත් ඊට වැඩිම පිරිසක් … වැඩිම සෙනඟ ආවේ කාටද? රැළිවලින් පසු අලුත් පොරයක්

භාණ්ඩාගාර සොරකමට වැඩතහනම් වූ සහකාර අධ්‍යක්ෂවරයා සියදිවි නසා ගත්තාද?

මහා භාණ්ඩාගාරයේ ප්‍රශ්න ගත අමෙරිකානු ඩොලර් මිලියන 2යි දශම 5ක ගෙවීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිට මියගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණයට හේතුව අධික රුධිර වහනය බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා. ඔහුගේ සිරුරෙහි ඇති වූ කැපුම් තුවාල කිහිපයකින් මෙලෙස අධික රුධිර වහනය සිදුව ඇති බවයි වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ. අධිකරණ නියෝග මත පත්කෙරුණු … භාණ්ඩාගාර සොරකමට වැඩතහනම් වූ සහකාර අධ්‍යක්ෂවරයා සියදිවි නසා ගත්තාද?

අවස්ථා කිහිපයකදී අසාර්ථක වූ පැතුම් දිල්ලි වෙනුවෙන් සැර පිතිහරඹයක

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගවලියේ තමන් මීට පෙර ක්‍රීඩා කළ තරගවලදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ පැතුම් නිස්සංක ඊයේ පැවති තරගයේදී දක්‍ෂ පිතිහරඹයක නිරත වුණා. ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී පන්දු 33 කදී ලකුණු 62ක් රැස් කර ගනිමින්. ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 6 ක් … අවස්ථා කිහිපයකදී අසාර්ථක වූ පැතුම් දිල්ලි වෙනුවෙන් සැර පිතිහරඹයක

සැකකටයුතු ලෙස මිය ගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්‍ෂවරයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඇරඹෙයි

සැකකටයුතු ලෙස මිය ගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වනවිට කුලියාපිටිය රෝහලේදි සිදු කෙරෙනවා. ඒ, අධිකරණ වෛද්‍ය විශේඥයන් තිදෙනෙකු විසින්. අදාළ පශ්චාත් මරණ පරිඏණය සිදු කිරිම සදහා අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සිව් දෙනෙකු පත් කරන ලෙසට අධිකරණය නියෝග කර තිබුණා. ඒ අනුව සිව් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේ. ඉන් … සැකකටයුතු ලෙස මිය ගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්‍ෂවරයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඇරඹෙයි

33 වන ප්‍රේමදාස ගුණ සැමරුමට ආ පිරිස

මෙරට දෙවන විධායක ජනාධිපතිවරයා වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වන ගුණානුස්මරණය අද පෙරවරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල පිහිටි ඒ මහතාගේ පිළිරුව අසලදි සිදු කෙරුණා. ඒ, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් හිටපු අමාත්‍යවරුන් වන නවීන් දිසානායක සහ රවී කරුණානායක යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියා.