Sunday, April 28, 2024

General line - 0115112241

දක්ෂ පිති හරඹයක ඉන්දීය පිල (UPDATE)




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවනවිට ඉන්දියාව ශ‍්‍රී ලංකාවට වඩා ලකුණු 107ක් ඉදිරියෙන් සිටිනවා.

ඒ තවත් කඩුලූ 8ක් අතැතිවයි.

ශ‍්‍රී ලංකාව පළමු ඉනිමට රැස්කළ ලකුණු 205ට පිළිතුරු ලෙස ඔවුන් මේ වනවිට කඩුලූ 2ක් දැවී ලකුණු 312ක් ලබාගෙන සිටිනවා.

ඉන්දීය ඉනිම වෙනුවෙන් චෙටිස්වර් පුජාරා නොදැවී රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 121ක්.

මුරලි විජේ ලකුණු 128යි. නාග්පූර්හි විදර්භා ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරගයේ තුන්වන දිනය හෙටයි.

----------------------------------

දෙවන තරගයේ දෙවන දිනය අදයි (25-11-2017 08:08)

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නාග්පූර්හි පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.  ඊයේ තරගය නතර කරන විට සිය පළමු ඉණිම සඳහා පන්දුවට පහරදෙන ඉන්දිය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 11ක් ලබා සිටියා. ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා රැස් කර  ගත්තේ ලකුණු 205ක් පමණයි. 

දෙපිල අතර පැවති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව නිමා වුණා.