Monday, April 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වාර්තා අලුත් කරයි




ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තම වාර්තා යළි අලුත් කරමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දිමනාව වන රුපියල් බිලියන 10යි දශම 4ක දිමනාවක් 2022 වසර සඳහා සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා.

2006 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 92යි දශම 8ක මුදලක් සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් බෝනස් දීමනා ලෙස පිරිනමා ඇති බවයි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය පවසන්නේ.

පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් රක්ෂණ ආයතනයක් ලෙසින් නව රක්ෂණ සැලසුම් හා සේවාවන් පාරිභෝගිකයාට ඉදිරිපත් කරමින් සිය මෙහෙයුම් ක්‍රියාවලියේ ඵලදායිතාව වැඩි කර ගැනීම සඳහා තවදුරටත් කැපවන බවද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් අවධාරණය කරනවා.