Monday, April 29, 2024

General line - 0115112241

වී අලෙවි මණ්ඩලයේ සහල් තවත් මාසයකට පමණයි.




වී අලෙවි මණ්ඩලය සතුව වී තොග පවතින්නේ තවත් මාසයකටත් වඩා අඩු කාලයකට බව වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුව් යල කන්නයේ වී තොග නිසි ප්‍රමාණයෙන් නොලැබුණහොත් ඉදිරියේදී ගැටළුවක් මතුවිය හැකි බවයි.


යල කන්නයේදී මේ වන විට අස්වනු නෙලන ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී ලබාදීමේ යම් මැලිකමක් දක්වන බවද ඔහු මෙහිදී සදහන් කළා.


යල කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වන සමයේ ඇතැම් ප්‍රෙද්ශවල වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කර තිබුණද ගොවීන් වී ලබානොදීම හේතුවෙන් එම ගබඩා වසා දැමීමට පවා සිදුවුණා.


මේ අතර රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග විද්‍යා පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පවසන්නේ මේ මොහොතේ වී අලෙවි මණ්ඩලය ගොවීන් වෙනුවෙන් අන් කවරදාකටත් වඩා මැදිහත් වීම අත්‍යාවශ්‍ය බවයි.

වියළි කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බවට පුරෝකථනය කර තිබියදී ඊට සැලසුම් සකස් නොකිරීම, මේවනවිට මතුව ඇති අර්බුදකාරී තත්ත්වයට හේතුවක් බවයි භෝග විද්‍යා පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පවසන්නේ.


මේ අතර මේ වසරේ යල කන්නයේ වාර්තා වී ඇති වගා හානි ප්‍රමාණය අක්කර 45,924ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැඩිම වගා හානි ප්‍රමාණය වාර්තාවන්නේ කුරුණෑගල ප්‍රදේශයෙන්ග වගා හානි සිදුවූ ගොවීන් සංඛ්‍යාව 40,527ක්ග වගා හානි සිදුවු වැඩිම ගොවීන් ප්‍රමාණය වාර්තා වන්නේද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.