Monday, April 29, 2024

General line - 0115112241

AI තාක්ෂණයෙන් වැඩ ගන්නේ බලාගෙන




ඒඅයි තාක්ෂණය හරහා නිර්මාණය කර ඇති මෘදුකාංග සමඟ සම්බන්ධ වීමේදී වඩාත් විමසිලිමත් වන ලෙස ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු කවිරු සමරසේකර පවසනවා.

ඇතැම්  මෘදුකාංග වෙත උඩුගත කරනු ලබන ඡායාරූපවල සිටින තැනැත්තන් නිරුවත් කිරීමටද හැකි බවයි ඊයේ රාත්‍රි ප්‍රචාරය වු නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ.

ඒ අනුව ඡායාරූප උඩුගත කිරීමේදී දෙවරක් සිතා බලන ලෙසයි ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු කවිරු සමරසේකර අන්තර්ජාලය භාවිත කරන්නන්ගෙන් ඉල්ලිමක් කළේ.


මේ වන විටත් එලෙස ඡායාරූප උඩුගත කළ පිරිස කළ යුත්තේ කුමක්ද? 

හෙලකුරු ඇතුළු කිහිපයකම නිර්මාතෘ වන ධනික පෙරේරා ද මෙහිදී අදහස් පළ කළා.