Sunday, April 28, 2024

General line - 0115112241

“ IMM කන්සල්ට් ” සමාගමේ නවතම කාර්යාලය කොළඹදී විවෘත කෙරේ




ඩුබායිහි මූලස්ථානය කර ගත් ප්‍රමුඛපෙළේ සංක්‍රමණ උපදේශන සමාගමක් වන “ IMM කන්සල්ට් ” සමාගමේ කොළඹ නවතම කාර්යාලය පසුගියදා විවෘත කෙරුණා.

සංක්‍රමණ උපදේශන සේවාව විශිෂ්ඨත්වය සඳහා කැපවීම නිරූපණය කරමින් විශ්වසනීය නාමයක් බවට එම සමාගම පත්ව තිබෙනවා.

සංක්‍රමණ ක්‍රියාවලිය පිළිබඳ සොයන්නා වු පුද්ගලයින්ට සහ පවුල්වලට උපකාර කිරීමේ මෙහෙවරක සිය සමාගම නිරත වී සිටින බවයි “ IMM කන්සල්ට් ” පැවසුවේ.

කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව , ඇමරිකා එක්සත් ජනපදය සහ නවසීලන්තය යන ප්‍රමුඛපෙළේ රටවල් 05ක් සඳහා විශිෂ්ඨ සංක්‍රමණ සේවාවක් සපයමින් අනන්‍යතාව පවත්වා ගනිමින් එම සමාගම කේෂත්‍රයේ ප්‍රමුඛයා වීමද විශේෂත්වයක්.

අදාළ රටවල් 05 වෙත සංක්‍රමණය වීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට සහ පවුල්වලට විස්තීර්ණ සංක්‍රමණ උපදේශන සේවා ලබා දෙමින් කළාපය තුල “ IMM කන්සල්ට් ” උපදේශකයන්ගේ පැවැත්ම තවදුරටත් ශක්තිත් කරනු ඇති.

සිය සංක්‍රමණ සේවාවන් සම්බන්ධයෙන් 0777 98 23 79 දුරකතන අංකයට ඇමතීමෙන් වැඩිදුර තොරතුරු සහ විමසීම් සිදුකළ හැකියි.

එමෙන්ම www.immconsults.com නිල වෙබ් අඩවියට පිවිසීමෙන්ද තොරතුරු ලබා ගත හැකි බවයි “ IMM කන්සල්ට් ” සමාගම වැඩිදුරටත් පැවසුවේ.