Sunday, April 28, 2024

General line - 0115112241

IMF දෙවන ණය වාරිකය ඉතා ඉක්මනට මෙරටට




ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරටට අනුමත කළ දෙවන ණය වාරිකය ඉතා ඉක්මනින් හිමිවනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

2023 - 2024 වර්ෂයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 667 ක මුදල් ප්‍රමාණයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.


මේ මොහොතේ නිවැරදි තීන්දු තීරණ නොගතහොත් ඉදිරියේදී වඩාත් භයානක තත්ත්වයක් උද්ගතවිය හැකි බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ.


කාර්තු 06 ක් පුරා මෙරට පැවතුණේ සෘණ ආර්ථික වර්ධන වේගයක් බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මාධ්‍ය හමුවේ වැඩිදුරටත් පැවසුවා.