Sunday, April 28, 2024

General line - 0115112241

හරක් කටාගේ පියා කල සංවේදී ඉල්ලීමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

උදය කුමාර




අත්අඩංගුවේ පසුවන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ”හරක් කටා” නැමැත්තා දැනට රඳවා සිටින ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යන්නේ නම් ඒ සඳහා අධිකරණය දැනුවත් කර අවසර ලබාගත යුතු බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

හරක් කටා නමැත්තාගේ පියා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් විසින් එම නියෝගය නිකුත් කළා.

ඒ අනුව හරක් කටා නැමැත්තා දැනට රඳවා සිටින ස්ථානයෙන් පිටතට රැගෙන යන්නේ නම්  ඒ සඳහා  කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ අභියාචනාධීකරණයෙන් අවසර ලබා ගන්නා ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඉන් අනතුරුව පෙත්සම යළි ජනවාරි මස 30 වනදා කැඳවීමට ද නියෝග කෙරුණා.

දැනට අත්අඩංගුවේ පසුවන සිය පුත්‍රයාට පනවා තිබෙන රැදවුම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හරක් කටා නමැත්තාගේ පියා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.