Monday, April 29, 2024

General line - 0115112241

අමෙරිකාවේ TikTok තහනමට චීනයෙන් ටොක්කක්




අමෙරිකාව තුළ TikTok තහනම් කිරීම සඳහා එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් පනත් කෙටුම්පතක් සම්මත කිරීම සම්බන්ධයෙන් චීනය සිය විරෝධය පල කරනවා.

චීනය පවසන්නේ අමෙරිකාවේ ක්‍රියාකලාපය දැඩිව හෙලා දකින බවයි.

එම තහනම අමෙරිකාව පසුබෑමකට ලක්වන තීරණයක් බවත් එය හිරිහැර කිරීමේ ක්‍රියාවක් ලෙස හඳුන්වනු ලබන බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවා.

අමෙරිකාව තුළ TikTok තහනම් කිරීමට බලපෑ ප්‍රධාන හේතුව වුණේ ඒ හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බවට දැඩි මතවාදයක් හට ගැනීමයි.

කෙසේවෙතත් අමෙරිකාවේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ අනුව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පැවසුවේ TikTok හරහා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන්නේ යැයි පැවසුවද අමෙරිකාව ඒ සම්බන්ධයෙන් සාක්ෂි සොයා ගෙන නොමැති බවයි.

TikTok තහනම් කල ද තර්ජන එය කිසිදා අවසන් නොවනු ඇති බව ද වැන්ග් වෙන්බින් පවසා තිබෙනවා.

වෙළඳපල තුළ සාධාරණ ලෙස තරඟ කිරීමට නොහැකි වූ විට අමෙරිකාව හිරිහැර කිරීමේ ක්‍රියාවන්ට යොමු වන බවටයි ඔහු චෝදනා කර ඇත්තේ.