Sunday, April 28, 2024

General line - 0115112241

නීති විරෝධී ලෙස ගෙන ආ බීඩි කොළ කිලෝ 600ක් මීගමුව කලපුවෙන් අල්ලයි




නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හයසියයක් ශ්‍රී ලංකා නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

ඒ, මීගමුව කලපු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදියි.

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින් මීගමුව කලපු ප්‍රදේශයේ නවතා තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කිරීමේදී එම බීඩි කොළ තොගය සොයාගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගැනුනු එම බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව සුරාබදු කාර්යාලය වෙත භාරදීමට නියමිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.