Saturday, April 27, 2024

General line - 0115112241

ආමර් වීදියේ වෙළඳසැලක ගින්නක්




කොළඹ ආමර් වීදියේ ටයර් වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 05ක් යොදවා ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ.

ගින්න හටගෙන කොළඹ සුගතදාස ක්‍රීඩාංගනය ආසන්නයේ ඇති ජේතවනාරාම විහාරස්ථාන අසල පිහිටි ටයර් අලෙවිසැලකයි.

මේ හේතුවෙන් එම ප්‍රදේශය අවට මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.