Tuesday, April 30, 2024

General line - 0115112241

තායිවානයට ප්‍රභල භූ කම්පනයක්




තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශය ආශ්‍රිතව රිච්ටර් මාපක 7යි දශම 4ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

ඒ අනුව තායිවානයට සහ එහි අසල්වැසි රටවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටයි මේ වන විටත් කටයුතු කර ඇත්තේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව තායිවානයේ හුආලීන් නගරයට දකුණින් කිලෝමීටර් 18ක් පමණ දුරින් භූ කම්පනයේ අපකේන්ද්‍රය පිහිටා තිබෙනවා.

එරට බලධාරීන් පවසන්නේ වසර 25කට පසු තායිවානයේ සිදුවූ ප්‍රබලතම භූමිකම්පාව මෙය බවයි.

ජපානයේ නිරිතදිග වෙරළ තීරයේ විශාල ප්‍රදේශයකට මීටර් 3 ක් දක්වා සුනාමි රළ ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය ද පවසා තිබෙනවා.

පිලිපීනයේ භූ කම්පන ඒජන්සිය ද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

චීන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ චීනයේ ගිනිකොනදිග ෆුජියන් පළාතේ ඇතැම් ප්‍රදේශවලට කම්පන දැනුණු බවයි.

තායිවානයට බලපෑ ප්‍රභල භූ කම්පනයේ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකියි.